ගර්භාෂ දෙකක ගැබ් ගත් කාන්තාව නිවුන් දරුවන් බිහි කරයි

දුර්ලභ ද්විත්ව ගර්භාෂය ඇති ඇමරිකා එක්සත් ජනපද කාන්තාවක් නිවුන් දරුවන් බිහි කර තිබෙනවා. දින දෙකක් තුල පැය පැය 20ක කාලයකදී දරුවන් දෙදෙනා බිහිවී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙවැනි දරු පිළිසිඳ ගැනීමක් සිදු වන්නේ කාන්තාවන් මිලියනයකින් අයෙකුට පමණක් බව සඳහන්.

32 හැවිරිදි කෙල්සි හැචර් අඟහරුවාදා එක් දියණියක් ද බදාදා දෙවැන්නා ද ඇලබාමා විශ්ව විද්‍යාලයේ බර්මින්හැම් රෝහලේ දී ප්‍රසූත කර තිබෙනවා.

ඇය මෙම ආශ්චර්යමත් ළදරුවන් පැමිණීම සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තම හිතවතුන්ට නිවේදනය කර වෛද්‍යවරුන්ට ද ලෙස ප්‍රශංසා කළා.

බිලිඳියන් නිවුන් දරුවන් ලෙස හඳුන්වා ඇති අතර ඔවුන්ට වෙනස් උපන් දින තිබීම විශේෂත්වයක්.

හැචර් මහත්මිය පැවසුවේ පවුල දැන් ආපසු නිවසට පැමිණ ඇති අතර නිවාඩු කාලය භුක්ති විඳිය හැකි බවයි. ඇය කලින් අපේක්ෂා කර තිබී ඇත්තේ නත්තල් දිනයේ දරුවන් ලැබෙනු ඇති බවටයි.

මෙම කාන්තාවට ද්විත්ව ගර්භාෂයක් ඇති බවට අනාවරණ වී ඇත්තේ වයස අවුරුදු 17 දී යි.

කාන්තාවන්ගෙන් 0.3% කට බලපාන දුර්ලභ සංජානනීය විෂමතාවයක් ලෙසින් එය හැඳින්වෙනවා. ගර්භාෂ දෙකෙහිම ගැබ් ගැනීමේ සම්භාවිතාව ඊටත් වඩා විශේෂත්වයක් ලෙසටයි සැලකෙන්නේ. මෙවැනි උපත් ලොව පුරා වාර්තා වන අවස්ථා අතිශයින් දුර්ලභයි.

2019 වසරේදී බංග්ලාදේශයේ වෛද්‍යවරියක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ කාන්තාවක් ඇයගේ එක් ගර්භාෂයක් තුළ සිටි නොමේරූ දරුවෙකු ප්‍රසූත කර මාසයකට පමණ පසු අනෙක් ගර්භාෂයෙන් තවත් දරුවෙකු බිහි කළ බවයි.

හැචර් මහත්මිය මීට පෙර දරුවන් තුන් දෙනෙකු ප්‍රසූත කර තිබෙනවා. මෙවර, ඇය ගැබ්ගෙන ඇත්තේ එක් ගර්භාෂයක පමණක් බවටයි මුලින් විශ්වාස කර තිබුණේ. කෙසේවෙතත් සාමාන්‍ය අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂණයකින් හෙළි වී ඇත්තේ ඇගේ දෙවන කොටසේ ද දරුවෙකු ද සිටින බවයි.

දෙසැම්බර් 19 වනදා 19:45ට පමණ පළමු දරුවා ස්වභාවිකව ප්‍රසූත කළ අතර දෙවැනි දරුවා සිසේරියන් සැත්කමකින් පැමිණියේ පැය 10කට වැඩි කාලයකට පසුව පසුදා උදෑසන 06:10ට පමණයි.

දරු ප්‍රසුතියට එක්වූ මහාචාර්ය ඩේවිස් පැවසුවේ ගැහැණු ළමයින් සහෝදර නිවුන් දරුවන් ලෙස හැඳින්විය හැකි බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
3
+1
1
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාරය අසළ නවතම දර්ශන මෙන්න - හමුදාව බෆර් රථවල රැදී සිටින අයුරු
00:53
Video thumbnail
"රාජකාරිය වෙනුවෙන් දිවි පුද කළ දර්ශන තරංග" - ඔබ සියලු දෙනාටම නිවන් සුව ලැබේවා..
01:14
Video thumbnail
T 56 කවුළුවට දාලා වෙ# තියනවා..කවුද මේවට අණ දුන්නේ ?හමුදාව පාවිච්චි කරලා පාලනය කරන්න තිබ්බා
04:43
Video thumbnail
නාමල්ගෙන් අලුත් වැඩක් - ජනතාවගේ ප්‍රශ්න ගැන අපි කතාකරනවා
02:26
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ නවතම තත්ත්තවය මෙන්න
01:41
Video thumbnail
වැඩේ හරියට කරන්න බැරිනම් ගෙදර යන්න - ඇමති විදියට පළවෙනි පාරට බන්ධනාගාරයට ගිහින් තියෙන්නේ ?
09:56
Video thumbnail
හර්ෂණගේ කතාවට අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:13
Video thumbnail
සිරකරුවන් වෙන්න පුළුවන් එයාලා ඉන්නේ රාජ්‍ය භාරයේ - සජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
05:32
Video thumbnail
අපි උඩ බලාගෙන හිටියේ නෑ - චෝදනාවලට ඇමති උත්තර දෙයි
07:38
Video thumbnail
මීගමුව බන්ධනාගාරයේ සිදුවූ සියල්ල අධිකරණ ඇමති එළියට දායි - ප්‍රහාර යොමු කරලා CCTV කැමරා ටික කඩලා
08:51