රිවොල්වරයක් සමග කටුනායකදී විදේශිකයෙකු අත්අඩංගුවට

රිවෝල්වරයක් නීති විරෝධී ලෙස එංගලන්තය බලා රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර එංගලන්ත ජාතිකයා ගිනි අවිය ද සමග ඊට යොදන ජීව උණ්ඩ 10ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවී උණ්ඩ 05ක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කර ඇතැයි සඳහන්.

මෙවැනි ගිනි අවි මෙන්ම පිහි ගුවන් මගින් රැගෙන යාම තහනම් කටයුත්තක් වන අතර එලෙස රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතුයි.

54 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා අද දහවල් 12.55ට එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 503 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම අවි සහ උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණි අත් අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගිය මෙම ගුවන් මගියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තම මිත්තණිය විසින් තමන්ට මෙම රිවෝල්වරය කෞතුක භාණ්ඩයක් ලෙස පරිත්‍යාග කළ එකක් බවට පවසා තිබෙනවා.

මෙම ගිනි අවිය, පිහිය සහ උණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්න බලාගෙන ඉන්නේ
12:21
Video thumbnail
අනුර කුමාර ලෝක වාර්තාවක් තියන්න යනවා - අජිත් පී පෙරේරා සැරටම දෙයි
07:44
Video thumbnail
පොලිසිය ඉන්නේ ඩෝබිලාව ආරක්ෂා කරන්න නෙමෙයි
03:34
Video thumbnail
මාධ්‍යවේදියාගේ ප්‍රශ්නයෙන් හර්ෂණට තදවෙයි
06:41
Video thumbnail
අපිට ගැහුවොත් අපිත් ග#නවා මහත්තයෝ - කස්සප හිමි පොලිසියට කෙළින්ම කියයි 4 police
02:08
Video thumbnail
සටනට එක්වුණු අනුරාධපුර සෝමරත්න හිමි ආණ්ඩුවට කනේ ඇඟිලි ගහගන්නම දෙසයි
05:14
Video thumbnail
අපිට ගහනකොට අනුරට සල්ලි හම්බෙනවා - අපිව එළවන්න බෑ
15:34
Video thumbnail
පේනවා නේද ඉදිමිලා.. කස්සප හිමිට වුණ දේ..
02:07
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:16:36
Video thumbnail
ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගීවන වෘත්තීය සමිති ජාතික සමුළුව සජීවීව
01:29:51