spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රිවොල්වරයක් සමග කටුනායකදී විදේශිකයෙකු අත්අඩංගුවට

රිවෝල්වරයක් නීති විරෝධී ලෙස එංගලන්තය බලා රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර එංගලන්ත ජාතිකයා ගිනි අවිය ද සමග ඊට යොදන ජීව උණ්ඩ 10ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවී උණ්ඩ 05ක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කර ඇතැයි සඳහන්.

මෙවැනි ගිනි අවි මෙන්ම පිහි ගුවන් මගින් රැගෙන යාම තහනම් කටයුත්තක් වන අතර එලෙස රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතුයි.

54 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා අද දහවල් 12.55ට එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 503 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම අවි සහ උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණි අත් අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගිය මෙම ගුවන් මගියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තම මිත්තණිය විසින් තමන්ට මෙම රිවෝල්වරය කෞතුක භාණ්ඩයක් ලෙස පරිත්‍යාග කළ එකක් බවට පවසා තිබෙනවා.

මෙම ගිනි අවිය, පිහිය සහ උණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?