රිවොල්වරයක් සමග කටුනායකදී විදේශිකයෙකු අත්අඩංගුවට

රිවෝල්වරයක් නීති විරෝධී ලෙස එංගලන්තය බලා රැගෙන යාමට පැමිණි විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර එංගලන්ත ජාතිකයා ගිනි අවිය ද සමග ඊට යොදන ජීව උණ්ඩ 10ක්, රම්බෝ වර්ගයේ පිහියක් සහ අජීවී උණ්ඩ 05ක් නීතිවිරෝධී ලෙස රැගෙන යාමට උත්සාහ කර ඇතැයි සඳහන්.

මෙවැනි ගිනි අවි මෙන්ම පිහි ගුවන් මගින් රැගෙන යාම තහනම් කටයුත්තක් වන අතර එලෙස රැගෙන යාමට අවශ්‍ය නම් ඒ සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නීත්‍යානුකූල අවසරය ලබා ගත යුතුයි.

54 හැවිරිදි බ්‍රිතාන්‍ය ජාතිකයා අද දහවල් 12.55ට එංගලන්තයේ හීත්‍රෝ ගුවන් තොටුපොළ බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 503 දරන ගුවන් යානය සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔහු රැගෙන ආ ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan ) පරීක්ෂාවකට ලක් කිරීමේ දී මෙම අවි සහ උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

ඒ අනුව මෙම ගුවන් මගියා කටුනායක ගුවන් තොටුපොළ පොලිසියේ නිලධාරීන් පිරිසක් පැමිණි අත් අඩංගුවට ගත් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ගුවන් තොටුපොළ පොලිසිය වෙත රැගෙන ගිය මෙම ගුවන් මගියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී තම මිත්තණිය විසින් තමන්ට මෙම රිවෝල්වරය කෞතුක භාණ්ඩයක් ලෙස පරිත්‍යාග කළ එකක් බවට පවසා තිබෙනවා.

මෙම ගිනි අවිය, පිහිය සහ උණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන ඇති අතර ගුවන් මගියා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48