පොලිසියට කට්ටි පැනපු ලක්ෂපතියේ ධම්මා අත්අඩංගුවට

මොරටුව පොලීසියේ දූෂණ අංශයේ ස්ථානාධිපතිවරයාට ලද බුද්ධි තොරතුරක් මත මොරටුව ලක්ෂපතිය, ජුබිලි පාර ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට යෑමේදී පොලීසිය මගහැර පළායමින් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මොරටුව පොලීසිය සමත්වී තිබේ.නිවසේ පිටුපස දොරෙන් අදාළ සැකකරු මල්ලක් රැගෙන පළායෑමට තැත්කර තිබේ.

අදාළ සැකකරු අල්ලාගෙන පරීක්ෂා කිරීමේදී ඔහුගේ බෑගය තුළ තිබී මත්පෙති 2,500ක් සොයාගෙන ඇත.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි ධම්මික ප්‍රියංකර නොහොත් ‘ලක්ෂපතිය ධම්මා’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.

ඔහුගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මත්පෙති ජාවාරම සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළිවූ බව පොලීසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?