ප්‍රවීණ රංගන ශිල්පී ලයනල් වික්‍රම අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු වන ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. චිත්‍රපට සහ ටෙලිනාට්‍ය 200කට වැඩි ප්‍රමාණයකට රංගනයෙන් දායක වූ ප්‍රවීණ කලාකරුවා කලක් අසනීප තත්වයෙන් පසු වුණා.

ඔහු වඩාත් ජනප්‍රියත්වයට පත්වුණේ බට්ටි ටෙලිනාට්‍ය ඔස්සේ ආටි හාමු ලෙසට නිරූපණය කළ චරිතය හේතුවෙන්.

ලයනල් වික්‍රම මහතා කලා ලොවට පිවිසුවේ 1980 වසරේ තිස්ස අබේසේකරයන්ගේ කරුමක්කාරයෝ චිත්‍රපටය තුලින්.

අභාවප්‍රාප්ත වන විට ප්‍රවීණ කලා ශිල්පියා 77 වන වියෙහි පසුවූ බව සඳහන්. ඔහු සාගරයක් මැද ඇතුළු චිත්‍රපට රැසක මෙන්ම මායා මන්දිර, ඇල්ල ළඟ වලව්ව, බට්ටි ඇතුළු ටෙළි නාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
49
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?