පවුලක දිනක ආහාර වේලක් සඳහා 2700ක්

වෙළෙඳ පොලේ එළවළු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග මිල කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක හතර දෙනෙකුගෙන් යුතු කුටුම්භයක දිනෙක ආහාර වේල සකස් කිරීම සඳහා රුපියල් 2700ක පමණ මුදලක් වැය වන බව දසත නිවුස් සිදු කළ සොයා බැලීමකදී අනාවරණ වුණා.

පවතින තත්ත්වය හමුවේ ජනතාව ඉහළ යන ජීවන වියදම හමුවේ සිය අවශ්‍යතා සපුරා ගන්නේ කෙසේ දැයි මේ අප සිදුකළ සොයා බැලීමක්.

වෙළෙඳපොලේ එළවළු ඇතැම් බඩු භාණ්ඩ මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇති පසුබිමක අද වන විට අමු මිරිස් ඉතිහාසයේ වැඩිම මිල වාර්තා කරනවා.

ඒ අනුව අද උදෑසන වනවිට වෙළෙඳපොලේ අමු මිරිස් කිලෝවක මිල සටහන් වුණේ රුපියල් 1700ක් ලෙසයි.

මීට අමතරව තක්කාලි සහ දෙහි මිලද කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ, දෙහි කිලෝවක් රුපියල් 1,100 ක් සහ තක්කාලි කිලෝවක් රුපියල් 600 ක් ලෙසයි.

ආහාර ද්‍රව්‍ය මිලද මෙලෙස සීග්‍ර ලෙස ඉහළ යෑමට මූලික වශයෙන්ම හේතු වී ඇත්තේ රට තුළ පවතින අධික වර්ෂාපතනය සහ අයහපත් ආර්ථික තත්ත්වයයි.

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංකීර්ණයේ බොහෝ එළවළු වර්ගවල මිල අද වනවිට රුපියල් 400යේ සීමාවට පැමිණ තිබෙනවා.

මේ අතර, ඊට සාපේක්ෂව මාළු මිලද ඉහළ ගොස් ඇති බවයි වෙළෙඳපොලින් වාර්තා වූයේ. මෙවන් තත්ත්වයක් තුළ සාමාන්‍ය ජනතාවගේ දෛනික ආහාර අවශ්‍යතාව වෙනුවෙන් දැරීමට සිදුවන වියදම කෙසේද?

මේ, ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමක්. බත ප්‍රධාන ආහාරය කරගත් ශ්‍රී ලාංකික සාමාන්‍ය ජනතාව දිනකට ආහාර වේල් 03ක් ලබා ගන්නවා.

ඉන් ආහාර වේල් දෙකක් සඳහා බොහෝ විට බත් යොදා ගන්නා අතර, ඒ සඳහා අවම වශයෙන් එළවළු වර්ග දෙකක් හා මස් මාළු හෝ බිත්තර යන මාංශ වර්ගයක් භාවිත කරනවා.

කෙසේ වෙතත්, මේ වනවිට එළවළු සහල් ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සීග්‍ර ලෙස ඉහළ යෑමත් සමග ජනතාව මුහුණ දී ඇත්තේ දැඩි අපහසුතාවයකටයි.

ඒ අනුව ජනතාවට දරාගත නොහැකි ලෙස ජීවන වියදම ඉහළ ගොස් තිබෙනවා. අප කළ සොයා බැලීමකදී හෙළි වූයේ සාමාන්‍යයෙන් සිව් දෙනෙකුගෙන් යුත් පවුලක උදෑසන ආහාර වේල සඳහා අවම වශයෙන් රුපියල් 800 ක්වත් වැය වන බවයි.

හතර දෙනෙකුගෙන් යුත් පවුලක රාත්‍රී ආහාරය සඳහා යන වියදම ආප්ප / පාන් / ඉඳිආප්ප (එක් ආහාර වර්ගයක් පමණක් ලබාගන්නා පදනමින්) රුපියල් 800ක්.

එවැනි පවුලක දහවල් ප්‍රධාන ආහාර වේල සකස් කර ගැනීම සඳහා දළ වශයෙන් රුපියල් 1200 ක පමණ වියදමක් දැරීමට සිදුවනවා.

හතර දෙනෙකුගෙන් යුත් පවුලක රාත්‍රී ආහාරය සඳහා යන වියදම

ආප්ප / පාන් / ඉඳිආප්ප (එක් ආහාර වර්ගයක් පමණක් ලබාගන්නා පදනමින්) රුපියල් 800

එවැනි පවුලක දහවල් ප්‍රධාන ආහාර වේල සකස් කර ගැනීම සඳහා දළ වශයෙන් රුපියල් 1200ක පමණ වියදමක් දැරීමට සිදුවනවා.

හතර දෙනෙකුගෙන් යුත් පවුලක දහවල් ආහාරය සඳහා යන වියදම

සහල් ග්‍රෑම් 500 – රුපියල් 100
මාංශ (මස්, මාළු) ග්‍රෑම් 500 – රුපියල් 400
එකතුව – රුපියල් 600

එළවළු
කැරට් ග්‍රෑම් 250 – රුපියල් 120
බෝංචි ග්‍රෑම් 250 – රුපියල් 150
වම්බටු ග්‍රෑම් 250 – රුපියල් 130
එකතුව – රුපියල් 400
පොල් – රුපියල් 50
පොල් තෙල් – රුපියල් 40
කුළු බඩු – රුපියල් 50
ළුෑණු, අමු මිරිස්, සුදු ළුෑණු – 120
ආහාර පිසීම සඳහා වැයවන ගෑස් – 50
ආහාර පිසීම සඳහා වැයවන විදුලිය – 55
එකතුව – රුපියල් 365

සමස්ත එකතුව – රුපියල් 1365
එවැනි පවුලක දහවල් ආහාරය සඳහා යන වියදම ඒ අනුව රුපියල් 1365ක් වනවා.


හතර දෙනෙකුගෙන් යුත් පවුලක උදෑසන ආහාර වේල සකස් කර ගැනීම සඳහා දළ වශයෙන් වැය වන මුදලයි මේ.

උදැසන ආහාර වේල සඳහා ධාන්‍ය වර්ගයක් සකස් කර ගන්නා අවස්ථාවක දල වශයෙන් රුපියල් 600ක පමණ මුදලක් වැයවනවා.
කඩල ග්‍රෑම් 500 – රුපියල් 400
පොල් සහ අවශ්‍ය අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා – රුපියල් 200
එකතුව – රුපියල් 600


මෙවන් පසුබිමක් තුළ හතර දෙනෙකුගෙන් යුතු කුටුම්භයක දිනෙක ආහාර වේල සකස් කිරීම සඳහා රුපියල් රුපියල් 2765ක මුදලක් වැය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
4
+1
3
+1
8
+1
3
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෙකෝඩ් කරලා තියාගන්න - ආයේ හාල් ගෙන්නන්නේ නෑ"
06:55
Video thumbnail
ලුනාවේ කලපුවෙන් හමුවූ අභිරහස් නිසල සිරුර..සිරුර හදුනා ගන්න බැරි තරමට විරූපි වෙලා
01:18
Video thumbnail
මධ්‍යම බස් නැවතුම්පොළ ගැන ජනතාවගේ අදහස්.."හොඳ වුණාට අපිට පහසුකම් නෑනේ.. Stand එක Update වෙලා..
02:41
Video thumbnail
නිදහස් පක්ෂයේ කාන්තාවෝ ජනපතිව හොඳවයින් අමතයි
05:07
Video thumbnail
ඈවරයි.. දෑවරයි.. තුන්ඈවරයි - ගල් අඟුරු වංචාව කුජීතයි
19:07
Video thumbnail
සාද තියලා තනි රෝදෙන් වැඩ පෙන්නන්න හිතෙයි..ඒවා කළොත් නම් කිසි සමාවක් දෙන්නේ නෑ
08:29
Video thumbnail
ජනාධිපතිතුමා ඉද්දී මීක් නෑ - ගියාට පස්සේ සිංහයෝ වගේ කෑගහනවා
01:20
Video thumbnail
පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ අද විවෘත වෙයි..මෙන්න එහි නවතම තත්ත්වය
01:33
Video thumbnail
කෙහෙළිය බාල බෙහෙත් ගෙනාවේ විදලා බලලා නෙමෙයිනේ
06:08
Video thumbnail
විමල් වීරවංශ බලශක්ති ඇමතිට ලෙසටම දෙසයි.."අඟුරු කකා වතුර බිබී හොරකමට දුවන යකඩ යක්කු මේ"
04:13