පොදුජන පෙරමුණට නව නිලධාරී මණ්ඩලයක් – බැසිල්ට තනතුරක් නැහැ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය නව නිලධාරී මණ්ඩලය අද පත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

නමුත් බැසිල් රාජපක්ෂ විසින් දරන ලද ජාතික සංවිධායක ධුරය පුරප්පාඩුව තබා ඇති බවයි මාධ්‍යවේදීන් කළ විමසීමකදී නාමල් රාජපක්ෂ සඳහන් කළේ.

පක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ නිල නිවසේදී රැස්වූ පක්ෂයේ විධායක සභාව මෙම තීරණවලට එළඹ තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය තරුණයෙකුට ලබාදෙන ලෙස බැසිල් රාජපක්ෂ පැවසූ බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග ප්‍රකාශ කළා.

ඒ, නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ අද පැවති එහි විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් යළිත් වරක් මහලේකම් ලෙස පත්කර ඇති අතර පක්ෂයේ නව භාණ්ඩාගාරික ලෙස පත් කර ඇත්තේ පවිත්‍රා වන්නිආරච්චි යි.

පක්ෂයේ සභාපතිවරයා ලෙස උතුරාවල ධම්මරතන හිමි යළි පත්කිරීමටද පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිය දේශපාලන මණ්ඩලයට ද සාමාජිකයන් පත්කර ඇති අතර, එහිදී නියෝජ්‍ය ජාතික සංවිධායක තනතුරු ද මෙවර නිර්මාණය වී ඇතැයි සඳහන්.

මෙම තනතුරු සඳහා දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් පසුව තෝරාගැනීමටයි පක්ෂය අපේක්ෂාවෙන් පසුවන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39