කලකට පසු ඇමති බන්දුලට හොඳක් අහන්න ලැබෙයි

කලක පටන් හාස්‍යයට හා විවේචනයට ලක්ව සිටින බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා පිළිබඳව කාලයකට පසු හොදක් අසන්නට ලැබී තිබේ.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පිළිබඳව මෙසේ සුබවාදීව කතා කරනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනපතිවරයා වීම ද විශේෂත්වයකි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට පත්කළ විශේෂ ජනපති කොමිසම් වාර්තාව සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේදී මතභේදාත්මක ප්‍රකාශ රැසක් කළ හිටපු ජනපතිවරයා මෙරට මාධ්‍යවල හැසිරීම සම්බන්ධයෙන් ඇති කණගාටුදායක ස්වභාවය පිළිබඳවද අදහස් දක්වන ලදී.

ඒ ගැන හිටපු ජනපතිවරයා කතා කරන අවස්ථාවේ සභා ගැබේ සිටි බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා දෙසට හැරී “ජනමාධ්‍ය පිළිබඳව බොහෝ අය පොත් ලියල තියෙනවා. අපේ බන්දුල ගුණවර්ධන ඇමතිතුමා චිත්‍රපටයක් ගැහුවා THE NEWS PAPER. THE NEWS PAPER එකේ හොඳට තියෙනවා ජනමාධ්‍ය කොහොමද අසාධාරණ විදිහට වැඩ කරන්නේ කියලා” යැයි සඳහන් කළේ ගුණවර්ධන අමාත්‍යවරයාට ගෞරවයක්ද එක්කරමිනි.

බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ජනප්‍රිය අමතර පන්ති දේශකයෙකු, ග්‍රන්ථ රචකයෙකු පමණක් නොව “සුද්දිලාගේ කතාව” ඇතුළු චිත්‍රපට රැසක් නිෂ්පාදනය කළ නිෂ්පාදකවරයෙකුද වේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09