ඉරණමඩු ජලාශයේ වාන් දොරටු සියල්ල විවෘත වෙයි

කිලිනොච්චිය,ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂක ඉංජිනේරු එන්. සුදාකරන් මහතා පවසනවා.

අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇඳ හැලෙන අධික වැසි හේතුවෙන් වාන් දොරටු විවෘත කළ බවයි වාරි ඉංජිනේරුවන් ප්‍රකාශ කළේ.

ඉරණමඩු ජලාශය වාන් දැමීම හේතුවෙන් පහත්බිම් රැසක් ජලයෙන් යටවීමේ අවදානමක් පවතින බැවින් ජලාශයේ ඇළ මාර්ග දෙපස ජනතාවට අවදානයෙන් පසුවන ලෙසට කිලිනොච්චිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා.

කිලිනොච්චිය, පරන්තන්, පූනකරි ඇතුළු උතුරු පළාතේ ප්‍රදේශ රැසක ගොවි ජනතාව කිලිනොච්චිය ඉරණමඩු ජලාශයේ ජලය ලබාගෙන වගා කටයුතු සිදු කරනු ලබනවා.

පසුගිය සමයේ පැවති නියඟය හේතුවෙන් ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව ඉතා පහළ අගයක පැවති අතර, 2023 වර්ෂයේ පළමු වතාවටයි ජලාශයේ වාන් දොරටු මෙලෙස විවෘත කර ඇත්තේ.

මේ අතර මෙම වසරේ දෙවැනි වතාවට දඹුල්ල කණ්ඩලම ජලාශය වාන් දැමීම ආරම්භ වී ඇතැයි මහවැලි නිලධාරීන් පවසනවා.

කණ්ඩලම වැවේ වාන මතින් දඹුල්ල වෑවල වැව ප්‍රධාන මාර්ගය පිහිටා ඇති අතර මාර්ගයේ වාහන ගමනා ගමනයට ද බාධා එල්ල වී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

පවතින අධික වර්ෂාව නිසා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රධාන වැව් සියල්ල ද මේ වන විට ජලයෙන් පිරී යමින් පවතිනවා.

පරාක්‍රම සමුද්‍රයේ ජල ධාරිතාවය අක්කර අඩි 98000ක් ද මින්නේරිය වැව අක්කර අඩි 86000ක් ද ගිරිතලේ ජලාශය අක්කර අඩි 16000ක් ද කවුඩුල්ල ජලාශය අක්කර අඩි 80000ක් ද මොරගහකන්ද ජලාශය අක්කර අඩි 401930ක් ද ලෙස පිරී ගොස් ඇති බවයි වාරිමාර්ග ඉංජිනේරු අංශයේ නිලධාරීන් ප්‍රකාශ කළේ.

මේ අතර පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ඉහළ පෝෂක කලාපයට ඇද ඇලෙන වර්ෂාවත් සමගම ඊයේ සවස සිට කලාවැවේ වාන් දොරටු දෙක විවෘත කිරීමට වාරි ඉංජිනේරුවන් කටයුතු කර තිබෙනවා.

ඊයේ සවස අඩි 2ක් පමණ විවෘත කෙරුණු වාන් දොරටු අද උදෑසන 10 වන විට අඩි 13ක් දක්වා විවෘත කර ඇති අතර ඉන් තත්පරයට ඝණ අඩි 12600ක ජල ධාරිතාවක් කලා ඔයට නිකුත් කෙරෙනවා.

ඒ හේතුවෙන් කලාඔය දෙපස පහත බිම් වල ජනතාව දැඩි අවදානයෙන් පසුවන ලෙසටයි බලධාරීන් ජනතාවට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14