ඊයේ හමුවූ ආසාධිතයන්ගේ සහ කොරෝනා මරණ පිලිබඳ තොරතුරු

මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 91,561 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ඊයේ හඳුනාගත් නව ආසාධිතයින් 272 දෙනාත් සමගයි.

ඔවුන්ගෙන් 260 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ පෑලියගොඩ කොරෝනා පොකුරේ ආසාධිතයින්ගේ ආශ්‍රිතයන් ලෙසයි.

මේ අතර විදේශයන්හි සිට පැමිණි 12 දෙනෙකුද ඊයේ ආසාධිතයන් ලෙස හඳුනාගැනුණා.

මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාධිතයින් අතරින් 2,858 ක් මේ වන විට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන කිහිපයක ප්‍රතිකාර ලබමින් සිටින අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 88,145 ක්.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාධිත මරණයක් වාර්තාවීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 558 ක් දක්වා ඉහළ ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?