2024 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2024 වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 81ක්. ඒ අනුව වැඩි ඡන්ද 41කින් 2024 සඳහා වන අයවැය සම්මත වුණා.

අද දිනයේ අයවැය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබූ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාරට අවසර හිමිවී තිබුණා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

දමිළ සන්ධාන මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් ඡන්දය ප්‍රකාශ කෙරෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ද අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළා.

තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූනේ අද පස්වරු 6.40ට පමණයි.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වුණා.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණා.

පසුව 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 සිට ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වීමෙන් අනතුරුවයි තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා" අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07


?