2024 වසර සඳහා වූ අයවැය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2024 වසර සඳහා වන අයවැය අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත වුණා.

ඊට පක්ෂව ඡන්ද 122ක් ලැබුණු අතර විපක්ෂව හිමි වූ ඡන්ද සංඛ්‍යාව 81ක්. ඒ අනුව වැඩි ඡන්ද 41කින් 2024 සඳහා වන අයවැය සම්මත වුණා.

අද දිනයේ අයවැය සම්බන්ධයෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා මාසයක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර තිබූ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාරට අවසර හිමිවී තිබුණා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළා.

දමිළ සන්ධාන මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් ඡන්දය ප්‍රකාශ කෙරෙන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ වඩිවේල් සුරේෂ් මන්ත්‍රීවරයා ද අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළා.

තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වූනේ අද පස්වරු 6.40ට පමණයි.

2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

අනතුරුව නොවැම්බර් 14 සිට 21 දක්වා, ඉරිදා දිනයන් හැර දින 7 ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනි වර කියවීමේ විවාදය පැවැත් වුණා.

ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවැනිවර කියවීම වැඩි ඡන්ද 45කින් නොවැම්බර් 21 වැනිදා පාර්ලිමේන්තුවේදි සම්මත කෙරුණා.

පසුව 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 සිට ඉරිදා දිනයන් හැර දින 19 ක් පැවැත්වීමෙන් අනතුරුවයි තෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (13) පැවැත්වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43