ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ලෙස උදයන කිරිඳිගොඩ පත් කෙරේ

ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා පසුගියදා පත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ නවවැනි පාර්ලිමේන්තුවට අදාළ නිලධාරී මඩුල්ල තෝරා පත්කර ගැනීමේ රැස්වීම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනුයි පාර්ලිමේන්තුවේදී පැවැත්වුණේ. මෙම රැස්වීමට ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියා.‍

මෙහිදී රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වේලු කුමාර් සහ බී.වයි.ජී. රත්නසේකර යන මහත්වරුන් මිත්‍රත්ව සංගමයේ උප සභාපතිවරුන් ලෙස පත්වී තිබෙනවා. හෙක්ටර් අප්පුහාමි මහතා ලේකම් ලෙස පත් කරන ලද අතර, මොහොමඩ් මුසම්මිල් සහකාර ලේකම් ලෙසත් කරුණාදාස කොඩිතුවක්කු මහතා භාණ්ඩාගාරික ලෙසත් පත් කෙරුණා.

ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමය පිහිටුවීම මගින් ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින දිගුකාලීන සබඳතාවය තවදුරටත් වර්ධනය කිරීමට හේතු වන බවයි මෙහිදී අදහස් දැක්වූ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. එසේම, GSP+ පහසුකම නැවත ස්ථාපනය කරගැනීම සම්බන්ධයෙන් 2017 දී ශ්‍රී ලංකාවට ලබාදුන් සහයෝගය සහ ශ්‍රී ලංකාවට පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත්කිරීම සම්බන්ධව ඉතාලිය ලබාදුන් සහයෝගයන් පිළිබඳව ද කථානායකවරයා සිය ස්තූතිය පළ කළා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති ඩේමියානෝ ෆ්‍රැන්කොවිග් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර දැනට පවතින වෙළඳ හා ආයෝජන සබඳතා තව දුරටත් වර්ධනය කර ගනිමින් ශ්‍රී ලංකාවේ නව ආයෝජනයන් කිරීම සඳහා නව ආයෝජකයන් ඉතාලියෙන් සම්බන්ධ කරගැනීමට තමා බලාපොරොත්තු වන බවයි.

සංගමයේ සභාපතිවරයා ලෙස තමන්ව තෝරා පත් කර ගැනීම පිළිබඳව මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා – ඉතාලි පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයන කිරිඳිගොඩ මහතා සිය කෘතඥතාව පළ කළා. තවද ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ද්වී පාර්ශවික සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සඳහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57