සිංහරාජයේ වන විනාශයක් සිදුව නොමැති බව, යුනෙස්කෝව කියයි (වීඩියෝ)

සිංහරාජ වනාන්තරයේ කිසිදු වන විනාශයක් සිදු වී නොමැති බව යුනෙස්කෝ ජාතික කොමිසම් සභාව ප්‍රකාශ කළා.

එහි ලේකම්, ජනරාල් ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ වැඩිදුරටත් හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිංහරාජ වනාන්තරය කිසිදු අවස්ථාවක ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමේ අවදානමක් නොමැති බවයි

කෙසේ වෙතත් සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ හෙක්ටර්යාර 5ක වපසරියකින් යුත් ජලාශ දෙකක් තැනීම පිළිබඳව ඉල්ලීමක් යුනෙස්කෝ ආයතනයට යොමුකර ඇති බවත් මේ දක්වා එම ඉල්ලීම් වලට යුනෙස්කෝව ප්‍රතිචාර දක්වා නොමැති බවත් ආචාර්ය මීගස්වත්තේ පවසනවා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය පිළිබඳව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදී සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ එහි පැවැත්මට බලපාන කරුණු සාකච්ඡා කළ බව ආචාර්ය මීගස්වත්තේ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එහිදී අමාත්‍යවරයා ඇතුළු පිරිස පවතින තත්වය අවබෝධ කරගැනීමෙන් අනතුරුව අදාළ සංවර්ධන ව්‍යාපෘතිය ඉවත්කරගැනීමට කැමැත්ත පළකර තිබෙනවා.

ඒ අනුව කිසිදු අවස්ථාවක හෙක්ටයාර 8000කින් සමන්විත සිංහරාජ ලෝක උරුම වනාන්තරය තුළ ඇති ජෛව විවිධත්වයට හානි ආකාරයේ කිසිදු ඉදිකිරීමක් සිදුකිරීමක් නොකෙරෙන බව ආචාර්ය පුංචිනිළමේ මීගස්වත්තේ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, සිංහරාජයේ වන විනාශයක් සිදුවන බවට අසත්‍යය චෝදනා කරමින් ඇතැම් පාර්ශව රජය අපහසුතාවට පත් කරමින් සිටින බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා.

ඔවුන් මේ බව කියා සිටියේ සිංහරාජ රක්ෂිතයේ හෝටලයක් ඉදිකරන බවට පැවසෙන ප්‍රදේශයේ ඊයේ සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොට්ටහච්චිට යකෙක් ඇවිත් වද මලක් දෙයි..අනේ.."Thank you" කිව්වම මට මොකක්දෝ වෙනවා
00:49
Video thumbnail
සජිත් ආණ්ඩුවට අනතුරු අඟවයි
06:19
Video thumbnail
නැට්ටුක්කාරියන්ගේ කොටසාය දැකලා ක්‍රිකට් කොල්ලෝ පිස්සු කෙ#ලියා
02:24
Video thumbnail
ජෙනරාල් සලේව අල්ලගෙන නටන රූකඩ නාඩගම හෙළා දකිනවා - හිටපු නියෝජ්‍ය .කතානායක අජිත්ගෙන් දැඩි ප්‍රකාශයක්
02:58
Video thumbnail
දයාසිරි ශ්‍රීලනිපයේ කරන්න යන වැඩේ - දැඩි තීන්දුවක් ගනී
11:22
Video thumbnail
එයා සාම දූතයනේ - විමල් වීරවංශගෙන් සැර හින්ට් එකක්
05:33
Video thumbnail
පෙර පාසල් ගුරුවරුන්ගේ ඩාන්ස් බලන්න ගිය කොට්ටහච්චි..අමුතු හිනාවකුත් දාලා අත්පුඩි ග#න හැටි
01:37
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව මැදිහත් වුණේ නෑ
06:46
Video thumbnail
ලංකාව මැච් ෆික්සින් කරලා..? ආන්දෝලනාතමක් හෙළිදරව්වක්
10:01
Video thumbnail
විමල්ට නහුතෙටම තදවෙයි..ජනපති අනුර ජොගින් යන්නේ සලේ නිසා
08:26


?