2024 අයවැයෙන් IMF වැඩසටහනේ ප්‍රගතියේ විනිවිදභාවය ඉහළ නංවයි

ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය නොවැම්බර් මාසයේ දී ඉහළ ගොස් ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

නොවැම්බර් මාසයේ තොරතුරුවලට අනුව 2024 අයවැය යටතේ ආධාරක වාර්තා කිහිපයක් ප්‍රසිද්ධ කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ආධාර වැඩසටහනේ ප්‍රගතිය සහ විනිවිදභාවය මෙලෙස ඉහළ ගොස් ඇති බවයි එම ආයතන සඳහන් කළේ.

IMF මීටරයේ මෙතෙක් ‘නොදනී’ ලෙස වර්ග කර තිබූ කැපවීම් හයක් පිළිබඳ තොරතුරු එම වාර්තාවලින් ලැබුණු බවත්, ඉන් කැපවීම් පහක් ශ්‍රී ලංකාව ඉටු කර ඇති බවත් එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

කෙසේ වෙතත් ආධාර වැඩසටහනේ එක් කැපවීමක් වන බදු ආදායම් ඉලක්කය සපුරා ගැනීම තවමත් ශ්‍රී ලංකාව ඉටුකර නොමැති බව ද එහි සඳහන්.

නොවැම්බර් මස අවසන් වන විට ඉටු කළ යුතු කැපවීම් 73න් 12ක් ඉටු කර නොමැති ලෙසත්, 15ක් නොදනී ලෙසත්, 46ක් ඉටුකර ඇති ලෙසත්, IMF මීටරයෙන් වර්ග කර තිබෙන බව එම ආයතනය සඳහන් කරනවා.

සමස්තයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර වැඩසටහන යටතේ නොවැම්බර් මස අවසාන වන විට ඉටු කළ යුතු කැපවීම්වලින් 63%ක් ශ්‍රී ලංකාව ඉටුකර අවසන් බව ද වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා.

WhatsApp Image 2023 12 10 at 7.53.46 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12