අබුඩාබි සහ කටුනායක අතර අඩු වියදම් ගුවන් සේවයක් (ඡායාරූප)

අබුඩාබි සහ කටුනායක අතර අඩු වියදම් නව ගුවන් සේවයක් ඊයේ (08) දිනයේ සිට ආරම්භ කළා.

ඒ, අනුව ගුවන් මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රී 08.00ට පැමිණියා.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියේ සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනයනවල දී අබුඩාබි සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතයි.

එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේ.

ඊයේ (08) රාත්‍රියේ පැමිණි ප්‍රථම මංගල ගුවන් යානය පිළිගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20231208 200827 scaled
20231208 203547 scaled
20231208 200924 scaled
20231208 202858 scaled
20231208 201136 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19