අබුඩාබි සහ කටුනායක අතර අඩු වියදම් ගුවන් සේවයක් (ඡායාරූප)

අබුඩාබි සහ කටුනායක අතර අඩු වියදම් නව ගුවන් සේවයක් ඊයේ (08) දිනයේ සිට ආරම්භ කළා.

ඒ, අනුව ගුවන් මගීන් 158 දෙනෙකු සහ ගුවන් යානා කාර්යය මණ්ඩලය 08 දෙනෙකුගෙන් සමන්විත එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල් – 197 දරණ ගුවන් යානය අබුඩාබි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (08) රාත්‍රී 08.00ට පැමිණියා.

මෙම ගුවන් සේවයේ ගුවන් යානා සතියේ සෑම බදාදා, සිකුරාදා සහ ඉරිදා යන දිනයනවල දී අබුඩාබි සිට කටුනායක දක්වා පැමිණීමට නියමිතයි.

එම ගුවන් යානා යළිත් රාත්‍රී 08.30ට කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි බලා පිටත්ව යාමට නියමිත බවයි ගුවන් තොටුපොළ වාර්තා සඳහන් කළේ.

ඊයේ (08) රාත්‍රියේ පැමිණි ප්‍රථම මංගල ගුවන් යානය පිළිගැනීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති උදය ඉන්ද්‍රරත්න , සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ උප සභාපති ඉංජිනේරු අතුල ගල්කැටිය ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

20231208 200827 scaled
20231208 203547 scaled
20231208 200924 scaled
20231208 202858 scaled
20231208 201136 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51