මහා යතිවරයාණන් වහන්සේට අමා මහ නිවන් සුව

අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අග්ගමහා පණ්ඩිත, මහා මහෝපාධ්‍යාය අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව අද (25) සිදුකෙරුණි.

ඒ කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදීය.

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනාහිමියන් පසුගිය 22වනදා අලුයම අපවත් වුයේ කොළඹ පෞද්ගලික රෝහලකදීය.

උන්වහන්සේ අපවත් වන විට 88 වැනි වියේ පසුවිය.

මහනාහිමියන්ගේ ශ්‍රී දේහය ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේ තැන්පත් කර තිබූ අතර උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා පසුගිය දින කිහිපයේ මෙන්ම අදත්, මහා සංඝරත්නය ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණියහ.

මහනාහිමියන් සිදුකළ ජාතික, ආගමික සහ ශාසනික සේවය සැලකිල්ලට ගනිමින් අද දිනය ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබුණි.

විහාරස්ථානයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව අදාහන පූජෝත්සවය පැවැත්වෙන නිදහස් චතුරස්‍රය වෙත ශ්‍රී දේහය වැඩමවීම අද දහවල් 1.30ට පමණ සිදුකරුණි.

ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් පැවති ආදාහන පූජෝත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ. 

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද මෙහිදී අදහස් පළ කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09