සහන නොදුන්නොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

රජයෙන් සහන නොලැබුනහොත් සිංහල සහ හින්දු අලුත් අවුරුද්දට පෙර බේකරි නිෂපාදනවල මිල ඉහළ දැමීමට වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සඳහන් කරයි.

නිෂ්පාදන සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යවල මිල අධික ලෙස ඉහළ යාම මෙයට හේතුවී ඇති බව එම සංගමයේ සභාපතිවරයා සඳහන් කරයි.

“පිටරටින් ආනයනය කරන තෙල් වර්ග, මාගරින් වර්ග ඒ සියළුම දේවල් වල මිල ඉහළ ගිහින් තියෙනවා.ලංකාවේ නිෂපාදනය කරන මාගරින්වල මිලත් ඉහළ ගිහින් තියෙනවා.පිටරටින් ගේන මාගරින් ගෙන්නන්න විදියක් නෑ කිසිම කෙනෙකුට.ආනයනික මාගරින් 1kg සඳහා රුපියල් 600 දක්වා බද්ද වැඩිකරලා තියෙනවා .”

මේ සියලු ප්‍රශ්න සමඟ බේකරි කර්මාන්තය ඉතා අසීරු තත්වයකට පත්ව ඇති බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

රජය ඇතුළු සියලුම පාර්ශවයන්ට මේ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු කර තිබෙන නමුත් මේ වන තුරු බදු සහනයක්වත් නොලැබුණු බවත් ඉදිරියේදී යම්කිසි සහනයක් ලැබෙන බවට ඔවුන් බලාපොරොත්තුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09