AFC Banner
Empty Ad
Empty Ad

කේරළයේ විශ්වවිද්‍යාලයක සංගීත ප්‍රසංගයක තෙරපීමකින් සිසු සිසුවියන් 04ක් ජීවිතක්ෂයට

කේරළයේ කොචින් විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් එහි සිසුන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයක් වෙනුවෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

පුද්ගලයින් 1,000 සිට 1,500 දක්වා ධාරිතාවයකින් යුත් ශ්‍රවණාගාරයක මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, හදිසියේම හටගත් වර්ෂාවත් හේතුවෙන් එළියේ සිටි පිරිස් ශ්‍රවණාගාරයට ඇතුළුවීමත් සමඟ මෙලෙස තෙරපීමට ලක්ව තිබෙනවා.

මේ අතර සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව බොලිවුඩ් ගායක ගායිකාවන් රැසක් සිය ශෝකය පළකර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?