කේරළයේ විශ්වවිද්‍යාලයක සංගීත ප්‍රසංගයක තෙරපීමකින් සිසු සිසුවියන් 04ක් ජීවිතක්ෂයට

කේරළයේ කොචින් විශ්වවිද්‍යාලයේ සංගීත ප්‍රසංගයක් අතරතුර ඇති වූ තෙරපීමකින් එහි සිසුන් හතරදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වනවා.

පිරිමි ළමයින් දෙදෙනෙකු සහ ගැහැණු ළමයින් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වුණේ.

මෙම අනතුරින් තවත් 60 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

විශ්වවිද්‍යාලයේ වාර්ෂිකව පවත්වනු ලබන උත්සවයක් වෙනුවෙන් මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.

පුද්ගලයින් 1,000 සිට 1,500 දක්වා ධාරිතාවයකින් යුත් ශ්‍රවණාගාරයක මෙම සංගීත ප්‍රසංගය සංවිධානය කර තිබූ අතර, හදිසියේම හටගත් වර්ෂාවත් හේතුවෙන් එළියේ සිටි පිරිස් ශ්‍රවණාගාරයට ඇතුළුවීමත් සමඟ මෙලෙස තෙරපීමට ලක්ව තිබෙනවා.

මේ අතර සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව බොලිවුඩ් ගායක ගායිකාවන් රැසක් සිය ශෝකය පළකර ඇති බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38