හමුදාවේ 28කට එරෙහි සාක්‍ෂි එකතු කරන්න බැෂලේගේ මල්ලට ලක්‍ෂ 5600ක්

ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව සම්මත වීම නිසා හමුදා නිලධාරීන් 28 දෙනකුට එරෙහි සාක්‍ෂි එකතු කිරීම සඳහා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැෂලේට ඩොලර් මිලියන 2.8ක මුදලක් මානව හිමිකම් කවුන්සිලය විසින් වෙන්කර ඇත. මෙය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්‍ෂ 5600 කි.

මේ සාක්‍ෂි එකතු කිරීමේ පූර්ණ බලය ඇයට ජිනීවා යෝජනාවෙන් ලැබී තිබේ.

ශී‍්‍ර ලංකාවට එරෙහිව ඉදිරියේදී ආරම්භ වන යුද අපරාධ පරීක්‍ෂණයකදී ඉදිරිපත් කිරීම සඳහා එම සාක්‍ෂි සංරක්‍ෂණය කිරීමද ඇයට පැවරෙයි.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසූවේ වන්නි මෙහෙයුම යටතේ යුද මෙහෙයුම්වලට අදාළ චන්ද්‍රිකා ඡුායාරූප ලබාදෙන ලෙස මානව හිමිකම් කොමසාරිස්වරිය ඇමෙරිකානු ඇඞ්වාන්ස් ඔෆ් සයන්ස් ආයතනයෙන් ඉල්ලා ඇති බවයි.

මේ හැර යුද අපරාධ සාක්‍ෂි නිරීක්‍ෂණයට නීතිවේදී කණ්ඩායමක්ද මානව හිමිකම් කොමසාරිස්වරියගේ කාර්යාලයේ ස්ථාපිත කෙරේ.

යුරෝපා රටවලදි ශ‍්‍රී ලංකාවේ හිටපු හමුදා නිලධාරියකු අත්අඩංගුවට ගනු ලැබුවොත් ඔහුට එරෙහිව සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ මෙම නීතිවේදී කණ්ඩායමයි.

කීර්ති වර්ණකුලසූරිය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 04.03.2026
08:33:26
Video thumbnail
මිහින්තලා රජමහා විහාරයේ ලොකු කලබලයක්..මිහින්තලේ හිමි අත්අඩංගුවට ගයිද?
01:28
Video thumbnail
ඉරාන නෞකාව නිසා නාමල් පාර්ලිමේන්තුවේ කුපිත වෙයි..හොරාට අත්සන් කරපු ගිවිසුමක ප්‍රතිඵලයක්ද?
08:26
Video thumbnail
නෞකාව ගැන තවත් තොරතුරු රැසක් එළියට..නිසල සිරුරු ගැන සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි
02:54
Video thumbnail
ඉරාන නෞකාවට සබ්මැරීන ප්‍ර#රයක් එල්ල වෙලාද ? මෙන්න ඉරාන නෞකාව ගැන ප්‍රබල හෙළිදරව්වක්
03:03
Video thumbnail
🔴Breaking News
31:41
Video thumbnail
රෝහලේ ප්‍රතිකාර ලබන ඉරාන නෞකාවේ සිටි පිරිසගේ නවතම තත්ත්වය
01:22
Video thumbnail
චාමර පාර්ලිමේන්තුව දෙවනත් කරයි - ඔයාටත් ග#න්න බැරිවුණ ගේමක් සාජන් ග#ලා
03:13
Video thumbnail
🔴Breaking News
01:35
Video thumbnail
අභිරහස් සිරුරක් ගාලු පාරෙන් හමුවෙයි..දැඩි උණුසුම් තත්ත්වයක්..
01:32