අසනීප වූ මව රැගෙන යමින් සිටි පුතා රෝහල ආසන්නයේ දී අනතුරකට ලක්වෙයි

අනුරාධපුර ජෝසප් මහා විද්‍යාලය දෙස සිට ඊයේ රාත්‍රියේ පැමිණි මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන රෝහල් වටරවුම මතට වැටී අනතුරට ලක් ව තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; තම මවට ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් රථයේ රියදුරු සිය මව ව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන එමින් සිටියදී මෙම අනතුර සිදු වී ඇති අතර අනතුරින් දෙදෙනාට ම සුළු තුවාල සිදු වී රෝහල්ගත කර ඇති බවයි.

මෝටර් රථයට සහ රෝහල් වටරවුමට දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ සංචාරකයන් බහුල ව ගැවසෙන මෙන් ම රෝගීන් පැමිණෙන ප්‍රධාන ස්ථානයක් වන මෙම රෝහල් වටරවුම වටා ඇති වීදි ලාම්පු අක්‍රීය ව පැවතීම නිසා මෙම ස්ථානයේ අනතුරු කිහිපයක් සිදු වූ බවත් ඒ සඳහා මෙතෙක් නිසි විසඳුම් නොලැබී ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර පොලිසියේ රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32