රාජාංගණයේ වාන් දොරටු ඇරේ – අත්තනගලු ඔයත් පිටාර ගලයි

අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වනවිට රාජාංගණයේ ජලාශයේ ද වාන් දොරටු විවෘත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; මේ වනවිට ජලාශයේ වාන් දොරටු විවර කිරීම නිසා තත්ත්පරේට ඝන අඩි 7100ක ජල ධාරිතාවක් කලා ඔයට මුදා හැරෙන බවයි.

වාන් දොරටු 04ක් අඩි 04 බැගින් ඉහළට ඔසවා තිබෙනවා.

තවත් වාන් දොරටු 02ක් අඩි 03 බැගින් ද , සෙසු දොරටු දෙක අඩි 02 බැගින් ද විවර කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මීට අමතර ව මේ දිනවල ඇදහැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් අත්තනගල්ල ඔය පිටාර ගලා තිබෙනවා.

මේ නිසා තිහාරිය ප්‍රදේශය ම ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වන්නේ.

වාරන සහ මාරගහ යන ප්‍රදේශවලට ගංවතුර අවදානමක් ද ඇති ව තිබෙන බවත් වාර්තා වනවා.

මේ නිසා එම ප්‍රදේශවල දෛනික කටයුතු අඩාල වී ඇති බවත් සඳහන්.

කෙසේවෙතත් උදෑසන වන විට දී යම් ප්‍රමාණයකින් ජලය බැස යාම ආරම්භ වී ඇති බව ද අප ප්‍රාදේශීය වාර්තාකරු ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?