කුසගින්න හමුවේ ඉතියෝපියාවේ 50ක් මරුට – ගවයන් 4000කටත් ජීවිත අහිමි වෙයි

ඉතියෝපියාවේ උතුරු ටයිග්‍රේ (Tigray) සහ අම්හාරා ප්‍රදේශවල නියඟය සහ ආධාර නොලැබීම හමුවේ පුද්ගලයින් 50කට වැඩි පිරිසක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව 2019 වසරේ සිට ඉතියෝපියාවට නිසි ලෙස වර්ෂාව ලැබී නොමැති බවයි සඳහන් වන්නේ.

මානුෂීය අර්බුදය නරක අතට හැරෙමින් ඇති අතර ආධාර සොරකම් කිරීමේ චෝදනාවෙන් පසු ඇමරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන් මේ වසර මුලදී ඉතියෝපියාවට ලබා දෙන ආධාර අත්හිටුවනු ලැබුවා.

ටයිග්‍රේ ප්‍රදේශයේ වසර දෙකක් පුරා පැවති යුද්ධය අවසන් වී වසරක පමණ කාලයක් ගතවී ඇති අතර අම්හාරා හි මේ වන විට ගැටුමක් හටගෙන තිබෙනවා.

Tigray හි Yechila නගරයේ පුද්ගලයින් 46 දෙනෙකු පමණ මිය ගිය අතර, ආහාර හිඟය හේතුවෙන් අසල්වැසි Wag Hemra හි Amhara ප්‍රදේශයේ 6 දෙනෙකු මිය ගිය බවයි නිලධාරීන් සඳහන් කර ඇත්තේ. දැඩි නියඟය හමුවේ ගවයින් 4,000කට වැඩි පිරිසක් ද මිය ගොස් තිබෙනවා.

උතුරු ඉතියෝපියාව නියඟයට එරෙහිව සටන් කරන විට, රටේ දකුණු සහ නැගෙනහිර ප්‍රදේශවල ජනතාව ක්ෂණික ගංවතුරෙන් පීඩාවට ලක්ව සිටිනවා.

ට්විටර් ඔස්සේ ප්‍රකාශයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසුවේ ගංවතුර හේතුවෙන් 370,000 කට වැඩි පිරිසක් තම නිවෙස්වලින් පලා ගොස් ඇති බවයි.

නැගෙනහිර සෝමාලියානු කලාපයේ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබෙනවා.

ටයිග්රේ හි යුද්ධය අතරතුර, මානුෂීය ආධාර නොලැබීම මරණ විශාල සංඛ්‍යාවකට තුඩු දෙනු ලැබුවා. යුද්ධය, වෛද්‍ය සැපයුම් හිඟය සහ සාගින්න වැනි තත්වයන් හේතුවෙන් එහි මිනිසුන් 500,000ක් පමණ මිය යන්නට ඇති බවටයි ගණන් බලා ඇත්තේ.

ඉතියෝපියානු රජය සහ Tigray People’s Liberation Front (TPLF) අප්‍රිකානු සංගමය (AU) විසින් මැදිහත් වූ සාම ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසුව ගැටුම අවසන් වුණා.

ගැටුම අවසන් වූ පසු, එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන් ලබා දුන් මානුෂීය ආධාර නතර කරන තෙක් ජූනි මාසය වන තෙක් අඛණ්ඩ ආධාර ප්‍රවාහයක් පැවතුණා. එහෙත් එය නතර කරනු ලැබුවේ දූෂිත නිලධාරීන් විසින් ක්‍රමානුකූලව සොරකම් කිරීම අනාවරණ වීම හමුවේයි.

ඇමරිකා එක්සත් ජනපදය පවසන්නේ ආධාර සැපයුම් වඩාත් අවශ්‍ය අයට ඒවා ලැබෙන බව සහතික කිරීම සඳහා සැලකිය යුතු තීන්දු තීරණ ගැනීමෙන් පසු දෙසැම්බර් මාසයේදී ආහාර බෙදා හැරීම නැවත ආරම්භ කරන බවයි.

නැගෙනහිර අප්‍රිකාව පුරා, අධික වර්ෂාව සහ හදිසි ගංවතුර හේතුවෙන් මෑත සතිවල ඉතියෝපියාව, කෙන්යාව සහ සෝමාලියාව යන රටවල පුද්ගලයින් 130 දෙනෙකු මිය ගියා. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඒවා විස්තර කර ඇත්තේ සියවසකට වරක් සිදුවන සිදුවීමක් ලෙසින්.

මෑත වසරවල ව්‍යසනකාරී නියඟයෙන් පීඩා විඳි සෝමාලියාව ගංවතුරෙන් විශේෂයෙන් පීඩාවට පත් වී තිබුණා. දරුණුතම හානියට පත් නගරය බෙලෙඩ්වේන් වන අතර ෂබෙල් ගඟ ඉවුරු බිඳී යාම හේතුවෙන් විශාල පිරිසක් අනතුරට ලක්ව තිබෙනවා.

එල්නිනෝ සංසිද්ධිය නැගෙනහිර අප්‍රිකාවට විශාල ලෙස බලපා ඇතැයි සඳහන්. එය පැසිෆික් සාගරයේ උණුසුම් වීම නිසා ඇති වන අතර ගංවතුර, සුළි කුණාටු, නියඟය සහ ලැව්ගිනි සමඟ සම්බන්ධ වනවා.

කාර්මික යුගය ආරම්භයේ සිට ලෝකය දැනටමත් සෙල්සියස් අංශක 1.2කින් පමණ උණුසුම් වී ඇති අතර ලොව පුරා රජයන් වායු විමෝචනය දැඩි ලෙස කප්පාදු නොකළහොත් උෂ්ණත්වය ඉහළ යනු ඇති බවටයි විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
3
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50
Video thumbnail
මහ බැංකුවේ අධිපති හා මුදල් ලේකම්ව කැඳවන්න දැනටමත් ලියුම් ගහලා ඉවරයි..ප්‍රශ්න රාශියක් තියෙනවා අහන්න
06:24
Video thumbnail
එහෙ මෙහෙ පනින වඳුරු මනසක් අපිට තියෙන්නේ..අපි මනුෂ්‍යත්වයේ දිවයින වෙමු
18:56
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
02:48