අස්වැසුම සැප්තැම්බර් වාරිකය හෙට (23) සිට ප්‍රතිලාභීන්ට

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සැප්තැම්බර් මස වාරික මුදල් හෙට (23) සිට ලබා ගැනීමේ හැකියාව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ප්‍රතිලාභී පවුල් 1,377,000ක් සඳහා වන රුපියල් මිලියන 8,571ක මුදල බැංකු වෙත මුදා හැර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් වාරික වසර අවසානයට පෙර ප්‍රතිලාභීන් වෙත ගෙවා අවසන් කරන බව ද ඔහු කියාසිටියා. එමෙන්ම අමාත්‍යවරයා පෙන්වා දුන්නේ නව අයදුම්පත් කැඳවීම ද ලබන දෙසැම්බර් මාසයේ ආරම්භ කරන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි සෑම මාස හයකට ම වරක් අස්වැසුම සමාලෝචන කටයුතු සිදු කරන බව සේමසිංහ මහතා සඳහන් කළා. මීට අමතරව වැඩිහිටි, වකුගඩු සහ අබාධිත දීමනා හිඟ මුදල් ද මේ වන විට ගෙවා අවසන් බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56