සංස්කෘතිය හා නුතන යෞවනය ගැන ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා

සංස්කෘතිය සහ නුතන යෞවනය සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේදී සාකච්ඡා කර තිබෙනවා.

අන්තර්ජාලය හා ඒ හා සබැඳි සමාජ ජාල ක්‍රියාකාරකම් හේතුවෙන් සමාජ විපර්යාසයන් සිදුවන අතර එවැනි වෙනස්කම් යහපත් අතට සිදුවන ඒවාට වඩා බහුතර වශයෙන් නිශේධනීය සහ හානිකර වන බවයි ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ විධායක සභික ශාස්ත්‍රපති ධර්මානන්ද විජේසිංහ මහතා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ සංස්කෘතිය හා නුතන යෞවනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් වර්ණ කුමාර මහතාගේ සභාපතිත්වයෙන් රැස් වූ අවස්ථාවේදීයි.

මෙලස සිදුවන විපර්යාස මෙරට හර පද්ධතීන්වලට හානි සිදු කරන බවට කරුණු දැක්වූ ඔහු මෙම තත්ත්වය දැඩි ලෙස තරුණ කණ්ඩායම්වලට බලපාන බව ද කමිටුව හමුවේ පෙන්වා දුන්නා.

තම පක්ෂයේ අදහස්වලට එරෙහි ප්‍රතිවාදී දේශපාලන අදහසක් යමෙක් ඉදිරිපත් කළහොත්, ඔහුට වට කර පහර දීම, දේශපාලනික කණ්ඩායම් සහ දේශපාලන බල ව්‍යාපෘතීන් සමාජජාලා තුල මාෆියා ස්වරුපයෙන් ක්‍රියාත්මක වන බවත්, එය ඉතා භයානක තත්වයක් නිර්මාණය කරන බවත් කමිටුව මෙහිදී පෙන්වා දෙනු ලැබුවා.

වෙඩි තැබීම් වැනි ළමා මනසට හානි කරන පරිඝණක ක්‍රීඩා හේතුවෙන් අනෙකාට හානි කිරීම සරල දෙයක් ලෙස ළමා මනසට ඒත්තු යාමක් සිදුවන බවත්, මේ තුළින් පළිගැනීම වැනි සිතුවිලි ළමා මනස තුළ ප්‍රචලිතවීම සහ ශික්ෂණයෙන් තොර වීමක් සිදුවන බවත් කමිටුව තුළ දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබෙනවා.

ආංශික අධීක්ෂණ කාරක සභාවට සහභාගී වූ තරුණ නියෝජිත පිරිස් මෙහිදී අදහස් දක්වමින් කියා සිටියේ සමස්ථ තරුණ පිරිස් හට පොදුවේ නායකත්ව පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වැදගත් පියවරක් ලෙස සැලකිය යුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
00:00
Video thumbnail
චාමර සම්පත් කැම්බල් පිටිය නිරීක්ෂණයට ගැම්මට එයි..ආණ්ඩුව පලවා හැරීමේ පළවෙනි රැල්ලනේ මේ
02:53
Video thumbnail
පසන් කස්තුරි මාලිමාවේ හඬ පටයක් ලීක් කරයි ?.."මහින්දලාගේ ගේමක් තමයි මේක"ඔන්න සාක්ෂි
07:33
Video thumbnail
පාස්කු ඉරිදා පරීක්ෂණවලට වර්තමාන හමුදාපතිගේ සහය නැද්ද ?කිසි කෙනෙක්ට ඒකෙන් ගැලවෙන්න බෑ
02:46
Video thumbnail
ෂම්මි සිල්වා ඉල්ලා අස්වෙයි ද..?
01:34
Video thumbnail
සජබ මැයි රැළියට එක්සත් ජාතික පක්ෂය සහභාගි වෙන්නේ නෑ..තලතා - රංජිත්ට දැනුම්දෙයි
05:32
Video thumbnail
අගමැතිතුමිය කතරගම වැඳ පුදාගන්න යයි
05:32
Video thumbnail
"ම#න්න තරම් මගේ අයියා කරපු වරද මොකක්ද ?"එළොව ගිය බන්ධනාගාර රැඳවියාගේ ඥාතීන් ඇවිත් සියල්ල හෙළිකරයි
06:35
Video thumbnail
අනුරව හොයාගෙන අපි එනවා - තිස්සකුට්ටි අනතුරු අඟවයි
05:02
Video thumbnail
පුන්නක්කු කන පිරිස පැලවත්තෙන් නඩත්තු කරනවා
11:53