වාද්දූවේ තීන්ත රැගෙන ගිය මොටෝ සයිකලය උඩින් ගිය හැටි (වීඩියෝ)

ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ වාද්දුව – තල්පිටිය, ලෝලුගස්මංකඩ මංසන්ධියේ දී තීන්ත රැගෙන යමින් සිටි යතුරුපැදියක් මාර්ගයේ අයින් කර නැවතීමට සූදානම් වෙමින් තිබූ මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වුණා.

මෙම අනතුර ඊයේ පස්වරුවේ සිදු ව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

තීන්ත රැගෙන ආ යතුරුපැදිය සුඛෝපබෝගී මෝටර් රථයක රියදුරු අසුන පිහිටා ඇති කොටසෙහි ගැටෙන අයුරු අසල සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් ව තිබුණා.

මෝටර් රථයේ ගැටුණු යතුරුපැදියෙහි සිටි පසුපස මගියා, විසි වී ගොස්, මෝටර් රථයේ වහලේ ද ගැටී බිමට වැටෙන අයුරුයි දක්නට ලැබෙන්නේ.

යතුරුපැදියෙහි රියදුරු ද එම ස්ථානයේ ම ඇද වැටී තිබෙනවා.

අනතුරින් ‍යතුරුපැදියේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනාට තුවාල සිදු ව ඇති අතර, ඔවුන් රෝහල්ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පුද්ගලයින් දෙදෙනා වාද්දුව ප්‍රදේශයේ තීන්ත අලෙවි සැලකින් මිල දී ගත් තීන්ත බකට් කිහිපයක් යතුරුපැදියේ හැඬලය කොටසේ රඳවාගෙන අනාරක්ෂිත ලෙස ඉතා වේගයෙන් ගමන් කොට තිබෙනවා.

ඉන්පසුව එම තීන්ත බකට් යතුරුපැදියේ හැඩලයේ කොටසේ සිර වී යතුරුපැදිය එකවරම මාර්ගයේ දකුණු පැත්තට පාලනයකින් තොරව ඇදී ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූවන් දෙදෙනා ම පානදුර මූලික රෝහලේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු ව තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වාද්දූව පොලිසිය විමර්ශන ක්‍රියාත්මකයි.

සම්පූර්ණ වීඩියෝව පහතින්:



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොච්චර තෙරපුනත් 2029යේ ජනපති වෙන්න බෑ - නයි, මුගටි එක කොටේට නගිනවා වගේ විපක්ෂය එකතුවෙලා
06:29
Video thumbnail
කවදාවත් ධනය, බලය තියෙන අයට නීතිය ක්‍රියාත්මක වුණේ නෑ..සාක්ෂි යට ගහලා, තිබුණේ
06:28
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:46
Video thumbnail
වැව්වල ජීවිතය අයදිමින් සිටි මත්ස්‍යයන් වෙනත් ස්ථානවලට මුදා හරියි
00:54
Video thumbnail
රෝගීන් 75000කගේ ජීවිත අනතුරේ - ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
12:58
Video thumbnail
ජීවිත 2ක් බිළිගත්ත බිහිසුණු අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
02:47
Video thumbnail
ජනාධිපතිතුමා ශ්‍රී දළදා මාළිගාව වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගනී
00:50
Video thumbnail
මහා රන්දෝලියේ කරඬුව වැඩමවමින් වාසනා සඳගලට පා තැබූ මොහොත
01:15
Video thumbnail
සජිත් මැතිතුමනි ඔබ පින මතුවේවා
01:23
Video thumbnail
ඔබතුමා එඩිතරව වැඩේ කරගෙන යන්න
00:54