යාපනයේ ආපනශාලාවක ඇති වූ ගැටුමකින් අයෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

යාපනය, උරුම්පිරායි ප්‍රදේශයේ ආපනශාලාවක් තුළ සිදුවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෝපායි පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා ඊයේ (18) රාත්‍රියේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ යාපනය, උරුම්පිරායි පදිංචි සුබ්‍රමනියම් ප්‍රේමරාසන් නැමැති 66 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම පහරදීමට සම්බන්ධ 44 හැවිරිදි පුද්ගලයෙක් කෝපායි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

දෙදෙනා අතර සිදුවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව මෙම පහරදීම සිදුව ඇති බව මූලිකව සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

සිද්ධිය වූ ස්ථානය යාපනය මහේස්ත්‍රාත්වරයා අද (19) පෙරවරුවේ නිරීක්ෂණය කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් කෝපායි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

Jaffna 01
Jaffna 02
Jaffna 03


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56