අතුරුදන් වූ සිසුවෙක් සොයා පොලිස් පරීක්ෂණ

කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසැලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු පෙරේදා (16) සිට අතුරුදහන්ව ඇතැයි පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.

මෙලෙස අතුරුදහන්ව ඇත්තේ කුරුණෑගල කැකුණගොල්ල ජාතික පාසැලේ 10 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි 15 හැවිරිදි සිසුවෙක්.

ඔහු අනුරාධපුර හෙට්ටුවැව ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක්.

මෙම සිසුවා කැකුණගොල්ල ජාතික පාසැලේ අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර එහි ශිෂ්‍ය නේවාසිකාරයේ නතර වී අධ්‍යාපන කටයුතු සිදු කර තිබෙනවා.

අතුරුදහන්ව ඇති සිසුවා සොයුරු සොයුරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලා ද වන බව සඳහන්.

මෙම සිසුවා පෙරේදා (16) පෙරවරුවේ පාසලින් පිටව ගොස් ඇති අතර අතුරුදන්වීම සම්බන්ධයෙන් පවුලේ ඥාතීන් දිවුල්වැව පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඔහු ඉගෙනුම ලැබූ පාසැල මගින් ද මෙම අතුරුදහන් වීම සම්බන්ධයෙන් කටුපොත පොලිසියට පැමිණිලි කර ඇති බවයි වාර්තා වන්නේ.

සිසුවාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් ලැබී ඇති එම පැමිණිලි පිළිබඳ මේ වනවිට පොලිස් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාළ සිසුවා පෙරේදා කොළඹට පැමිණ තිබූ බවට තොරතුරු අනාවරණය වී ඇති අතර ඔහු තවත් පුද්ගලයකු සමග අලුත්කඩේ ප්‍රදේශයේ අතුරු මාර්ගයක ගමන් කරන ආකාරය එම මාර්ගයේ වෙළඳසැලක පිහිටි කැමරාවක ද සටහන්ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
5
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:13
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01
Video thumbnail
පරණ ජරා පාර්ලිමේන්තුවම මෙතන හැදුවා - බිමල් රිදෙන්නම දෙයි
05:46
Video thumbnail
අපි තීන්දු ගන්නේ හොරුන්ව ආරක්ෂා කරන්න නෙමෙයි
02:52
Video thumbnail
හාමුදුරුවරුන් - නාමල්ව වටකරගෙන උපදෙස් දෙයි.."දැන් ඕනේ රටට වැඩකරන නායකයෙක්"
01:30
Video thumbnail
හර්ෂගේ කතාවට ලක්මාලි උත්තර දෙයි
06:03