“ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන 07ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ කොවිඩ් එන්නත් මිලියන හතක් මිල දී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 69.65ක් වැය වන බව ඊට අදාළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.

එම එන්නත් මිල දී ගැනීම ඔස්සේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් මිලියන 14කට කොවිඩ් වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා එන්නත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

එසේම පසුගියදා, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික් V“ එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතය සඳහා ඒ අනුව අනුමැතිය ලබාදුණි.