ඩයනාගේ මන්ත්‍රී පට්ටමට දුන් තීරණයට එරෙහි ව අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු වෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මන්ත්‍රීවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනු කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද ගොනු කළා.

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇතුළු පිරිසක් නම්කර තිබෙනවා.

පෙත්සම්කරු කියා සිටින්නේ රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බවයි.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එය ඉකුත් දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියා.

එම තීන්දුව සම්පූර්ණයෙන් ම නීතියට පටහැනි බවයි පෙත්සම්කරු පෙන්වාදෙන්නේ.

ඒ අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාර ව ඩයනා ගමගේ හට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් අයැද තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12