2024 අයවැයෙන් ණය ගැනීමේ සීමාව බිලියන 3450කින් ඉහළට

ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වසරේ අයවැය ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළා.

ඉන්දියාව සමඟ ආර්ථික තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක් ඇතිකර ගැනීමට ද යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා.

ඒ අනුව නව ඉඩම් නීතියක් හඳුන්වාදෙන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව නීතියක් මෙන් ම නව ආයෝජන නීතියක් හඳුන්වාදීමේ යෝජනාවක් ද ඉදිරිපත් වුණා.

ආදායම් පරිපාලන ඵලදායීතාව ඉහළ නැංවීමට නව ආදායම් අධිකාරියක් ස්ථාපිත කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ.

විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීමට සහ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම යටතේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර පියවීම සඳහා ද රුපියල් බිලියල 3,000ක් වෙන් කෙරුණා.

රේගු නීති නවීකරණය කිරීමට අයවැයෙන් යෝජනාවක් ඉදිරිපත් වුණා.

රාජ්‍ය බැංකු ද්විත්වයෙහි කොටස්වලින් 20%ක් උපාය මාර්ගික ආයෝජකයන්ට හෝ ජනතාවට ලබාදීමේ යෝජනාවක් ද ඉදිරිපත් ව ඇති අතර; මෙරට මැණික් කර්මාන්තයේ පූර්ණ ධාරිතාවක් අත්කර ගැනීමට මාස 03ක විශේෂ සැලැස්මක් ගැන ද යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.

මේ අතර නව අයවැයෙන් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 3900 සිට රුපියල් බිලියන 7350 දක්වා වැඩි කිරීමේ යෝජනාවක් ද ඉදිරිපත් කෙරුණු බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ණය 2022 වසරේ දී 128% සිට 2023 වසරේ දී 95%ක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.

2025 වසරේ සිට පළාත් සභා ආදායමෙන් 50%ක් පමණ පුනරාවර්තන වියදම් ලෙස යොදවා අමතර ආදායම් ප්‍රාග්ධන වියදම් ලෙස යෙදවීමට ද මෙහිදී යෝජනා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විජයග්‍රහණයේ අභිමානවත් 17 වන සැමරුම ජනපති ප්‍රධානත්වයෙන් සජීවීව
00:00
Video thumbnail
චාමර සම්පත්ගේ කතාවෙන් ප්‍රසාද්ට හොඳටම හිනා
13:22
Video thumbnail
සුජීව නැගිටලා ආණ්ඩුවට සැරටම දෙසයි - "මට බනිනවා උඹට පාන්ද කියලා,අපිට නෙවෙයි පාන්"
08:23
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.05.19
01:04:28
Video thumbnail
නාමල්ව ම##න මට පුළුවන් - අර්චුනාගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
01:37
Video thumbnail
උසාවියට ආ චාමර සම්පත් කිව්ව දේ.."ඔයාගේ රස්සාව අපෙත් මේක රස්සාව තමයි..රණවිරු සැමරුමට අපිට කියලා නෑනේ"
01:27
Video thumbnail
අනුර විශ්‍රාමික ත්‍රස්තවාදියෙක් - රණවිරුවන්ට එරෙහිව ආයුධ අතට ගත්තා
01:42
Video thumbnail
නාමල් ආණ්ඩුවේ කට්ටියට කට උත්තර නැතිවෙන්නම දෙයි
09:04
Video thumbnail
ජනපතිට රණවිරුවෝ කියලා කියාගන්න පොඩ්ඩක් අමාරුයිනේ - සුජීවගෙන් ජනපතිට සැර හින්ට් එකක්
02:10
Video thumbnail
හිරුණිකා අනුරගේ ගෙදර සොයා එන්න සැරසෙයි
02:16