පළමු විවාහය දෙදරා ගිය ෂාමිට බොලිවුඩ් නිළියකගෙන් මංගල ඇරයුම්

පළමු විවාහය දෙදරා ගොස් මේ වනවිට බිරිඳගෙන් වෙන් වී සිටින ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මොහොමඩ් ෂාමිට ජනප්‍රිය බොලිවුඩ් නිළියකගෙන් විවාහ යෝජනාවක් ලැබී තිබෙනවා.

මේ වනවිට 33 හැවිරිදි වියේ පසුවන මොහොමඩ් ෂාමි සමඟ මෙලෙස විවාහ වීමට කැමැත්ත පළකර ඇත්තේ බොලිවුඩ් නිළි පායල් ගෝෂ් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

පායල් ගෝෂ් මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන අතර, එක්දින ලෝක කුසලාන තරගවලිය තුළ මොහොමඩ් ෂාමි පන්දුවෙන් දක්වන දස්කම් දැක ඔහු පිළිබඳව ඇයට මෙලෙස සිතක් පහළ වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

මේ අතර තමන්ගේ විවාහ යෝජනාව මොහාමඩ් ෂාමි පිළිගන්නේ නම් ඉංග්‍රීසි ඉගෙනීම අනිවාර්ය බවට පායල් ගෝෂ් විසින් කොන්දේසියක් ද ඉදිරිපත් කර තිබෙනවා.

කෙසේ වෙතත් පායල් ගෝෂ්ගේ මෙම යෝජනාවට මොහාමඩ් ෂාමි මේ දක්වා කිසිම ප්‍රතිචාරයක් දක්වා නැහැ.

බොලිවුඩ් නිළි පායල් ගෝෂ් මේ වනවිට ඉන්දීය දේශපාලනය තුළ රාම්දාස් අතවාලේගේ දේශපාලන පක්ෂයට සම්බන්ධව කටයුතු කරනු ලබනවා.

සිය බිරිඳ ගෘහස්ථ හිංසනයට ලක් කිරීමේ චෝදනාව මත පසුගිය 2018 වසරේ දී මොහාමඩ් ෂාමි ඔහුගේ බිරිඳගෙන් නීත්‍යනුකූලව දික්කසාද වුණා.

ඒ, වනවිටත් ඔවුන් දෙදෙනාට දියණියක් ද වූ අතර, දික්කසාදය ලබාදෙන අවස්ථාවේ දී අධිකරණය මඟින් ෂාමිට සිය දියණියගේ නඩත්තුව වෙනුවෙන් හිටපු බිරිඳට මසකට ඉන්දීය රුපියල් ලක්ෂ 05ක මුදලක් නඩත්තු ගාස්තු වශයෙන් ගෙවිය යුතු බවට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
1
+1
18
+1
4
+1
1
+1
4
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් නිවාස ඇමති කාලේ ඇත්තටම වුණේ මොකද්ද..?
07:12
Video thumbnail
උක් වගා බිමක හදිසියේම ඇතිවූ විශාල ගින්න
01:01
Video thumbnail
අමෙරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් වරායෙන් ආරක්ෂාව මැද රැගෙන ආ අයුරු
01:15
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක්..පොලිස් රැකවල් කඩාගෙන යයි
00:33
Video thumbnail
අත්අඩංගුවට ගත් චරිත් සහ රඛිත අධිකරණයට රැගෙන ආ හැටි
01:25
Video thumbnail
මාදු ගගේ ඔරුවක සිට මාළු බාමින් සිටි තරුණයෙක් කිඹුලෙකු පැන එළොව යවයි
01:37
Video thumbnail
භෞත චිකිත්සකවරියගේ ඝා#නයට සම්බන්ධ සැකකරුවන් පැය 48ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
01:21
Video thumbnail
කොටුවේ උණුසුම් තත්ත්වයක් - පොලිස් රැකවල් කඩාගෙන යයි.."ග#න්න අයිතියක් නැ අපිට..යන්න දෙන්න අපිට"
05:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.25
08:11:12
Video thumbnail
ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකුට එරෙහිව CIDයට පැමිණිල්ලක්
03:43