බස් රථය තුළ දී බිරිඳගේ පර්ස් එක සැමියා උස්සලා

දීපවාලි උත්සවය වෙනුවෙන් නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඇඳුම් පැළදුම් රැගෙන යාමට හැටන් නගරයට පැමිණි කාන්තාවකගේ සොරාගත් මුදල් පසුම්බිය සොයාදීමට හැටන් පොලිසියට හැකියාව ලැබී තිබෙනවා.

මෙම කාන්තාව ඊයේ (11) හැටන් නගරයට පැමිණ නැවත බගවන්තලාව බලායාමට පෞද්ගලික බස් රථයට ගොඩ වී මුදල් පසුම්බිය පරීක්ෂා කර තිබෙනවා.

එම අවස්ථාවේ දී මුදල් පසුම්බිය නොමැති බව දැනගත් අදාළ කාන්තාව ඒ සම්බන්ධයෙන් බස් නැවතුම්පොළේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ට පවසා ඇති බවයි වාර්තා වුණේ.

අදාළ කාන්තාව එහිදී පවසා ඇත්තේ බස් රථය තුළ දී තම මුදල් පසුම්බිය නැති වූ බවට සැකයක් පවතින බවයි.

ඒ, අනුව පොලිස් නිලධාරීන් විසින් එම අවස්ථාවේ බස් රථය තුළ සිටි මගීන් සියලුදෙනා ඉන් බස්සවා ඔවුන්ව පරීක්ෂා කිරීමට කටයුතු කර තිබෙනවා.

එලෙස සිදුකළ පරීක්ෂා කිරීමේ දී අදාළ කාන්තාවගේ සැමියාගේ සාක්කුවේ තිබී ඇයගේ මුදල් පසුම්බිය සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.

පසුව පොලිස් නිලධාරීන් විසින් සැමියාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී පවසා ඇත්තේ මත්පැන් බෝතලයක් මිල දී ගැනීමට තමන් සතුව මුදල් නොමැතිවීම හේතුවෙන් බස් රථය තුළ දී බිරිඳගේ මුදල් පසුම්බිය සොරකම් කළ බවයි.

අනතුරුව පොලිසිය විසින් සැමියාට දැඩිලෙස අවවාද කර මුදාහැරීමට කටයුතු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
11
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සහල් ලොරියක් දක්ෂිණ අධිවේගයේ දරුණු අනතුරකට මුහුණදෙයි
01:02
Video thumbnail
ජනපතිගේ කතාවට චාමර සම්පත්ගෙන් සැර පිළිතුරක්
15:06
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.20
08:05:02
Video thumbnail
රටේම කතා බහට ලක්වුණ තෙල් අවුල ඇතිවුණේ කොහොමද ? මෙන්න ප්‍රබල හෙළිදරව්වක්
10:16
Video thumbnail
දයාසිරිගෙන් ආණ්ඩුවට උපදෙසක් - රට ගිනි ජාලාවකට අරන් යන්න ඉඩ දෙන්නේ නෑ
11:28
Video thumbnail
යුද්දේ කාලයේ ඉන්දියාවට ගිය ඕන ශ්‍රී ලාංකිකයෙක් එන්න ලංකාවට..අපි අත් දෙකෙන්ම භාරගන්නවා
04:53
Video thumbnail
බිමල් දැන් හිනාවෙන්නේ නෑනේ - ආයේ හිනාව ගන්න ඕනේ
05:30
Video thumbnail
චෙම්මනි සමූහ මි#ණී වළ ගැන බිමල්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..අප්‍රේල් 20 සිට නැවත කැණීම් ආරම්භ කරනවා
05:28
Video thumbnail
ඉන්ධන අර්බුධයක් ඇතිකළේ විපක්ෂය
03:34
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විපක්ෂයට ආරාධනාවක්
13:05