ගාසා තීරයේ කාන්තාවන් සහ දරුවන් ඝාතනය නවත්වන්න, ප්‍රංශ ජනපතිගෙන් ඉල්ලීමක්

ගාසා තීරයේ කාන්තාවන් සහ දරුවන් ඝාතනය කිරීම නවත්වන ලෙස ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා.

විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර, එහිදී ප්‍රංශ ජනාධිපතිවරයා පවසා ඇත්තේ බෝම්බ ප්‍රහාරයන් කිසිදු සාධාරණීකරණත්වයක් නොමැති බවත්, සටන් විරාමයක් ඊශ්‍රායලයට වාසිදායක වනු ඇති බවයි.

තමන්ව ආරක්ෂා කර ගැනීමට ඊශ්‍රායලයට ඇති අයිතිය පිළිගන්නා අතරම, ගාසා තීරයට එල්ල කරන බෝම්බ ප්‍රහාරයන් නවත්වන ලෙස ද ඉල්ලා සිටිනවා.

එමෙන්ම හමාස් සංවිධානයේ ත්‍රස්තවාදී ක්‍රියාවන් ප්‍රංශය පැහැදිලි ලෙසම හෙළාදකින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

ඊශ්‍රායලය, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ අනෙකුත් බටහිර ජාතීන් මෙන් ප්‍රංශය ද හමාස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකන බවයි ප්‍රංශ ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ.

“අද සිවිල් වැසියන්ට බෝම්බ ගහනවා, මේ ළදරුවන්, මේ කාන්තාවන්, මේ වයසක අය බෝම්බ ගහලා මරලා දානවා. ඒකට කිසිම හේතුවක් සහ නීත්‍යානුකූල භාවයක් නැහැ. ඒ නිසා අපි ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටිනවා මෙය නවත්වන්න කියලා.” යනුවෙන් එමානුවෙල් මැක්‍රොන් වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32