කොළඹ වෙළඳසැලක ගින්නක්, එක් අයෙක් ජීවිතක්ෂයට

මරදාන පොලිස් වසමේ අංක 248/30, ශ්‍රි සංඝරාජ මාවත, කොළඹ 10, ලිපිනයේ අවන්හලක අද(24) අලුයම  ගින්නක් හට ගෙන තිබෙනවා.

මුලුතැන්ගෙයි ගෑස් ටැංකියේ  පිපිරිමක් හේතුවෙන් මෙම ගින්න හට ගෙන ඇති බවටයි පොලිසිය සැක පල කරන්නේ.

ඇති වු ගින්නෙන් එම මොහොතේ මුලුතැන්ගෙයි සිටි අවුරුදු 46 ක, බලපිටිය ප්‍රදේශයේ පදිංචි කරැවෙක් එම ස්ථානයේම මිය ගොස් ඇත.

මේ මොහොතේ කොළඹ මහ නගර සභාවේ රථ 05ක් යොදා ගනිමින් සම්පුර්ණයෙන්ම ගින්න මැඩ පවත්වා තිබෙනවා.

ගින්නෙන් අවන්හලේ සිටි වෙනත් කිසිවෙකුටත් තුවාල හෝ වෙනත් හානියක් සිදුවී නොමැති බවටයි දැනට තොරතුරු වාර්තා වන්නේ.