රාජ්‍ය සේවය විධිමත් කරන්න පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක අවධානය

ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ අවධානය යොමුවී තිබෙනවා.

ව්‍යාපාරික හිතකාමී පරිසරයක් ඇති කිරීම සඳහා රාජ්‍ය සේවය විධිමත් කිරීම පිළිබඳව යෝජිත ව්‍යාපාර සූදානම් (B – Ready) දර්ශකය, සඳහා සූදානම් වීමේදී මතුවන ප්‍රයෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී අවධානය යොමු වුණා.

ඒ මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ පෙන්වා දුන්නේ රටේ ව්‍යාපාර වැඩිදියුණු කිරීමට සහ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගැනීමට ව්‍යාපාර සඳහා හිතකර පරිසරයක් මෙරට තුළ ඇති කළ යුතු බවයි. මෙහිදී ඒ ඒ ආයතන අතර සම්බන්ධතාවය සහ තොරතුරු හුවමාරු කර ගැනීම ශක්තිමත් තත්ත්වයක පැවතීම වැදගත් වන බව ඔහු පෙන්වා දුන් අතර එවැනි සම්බන්ධතාවයක් මෙරට රාජ්‍ය ආයතන සහ අනෙකුත් ආයතන අතර නොපවතින බව මෙම කමිටුවට නිරීක්ෂණය වූ බවයි සඳහන් කළේ.

එසේම රාජ්‍ය අංශය තුළ නිලධාරීවාදය ඉස්මතුවන ආකාරයක් පෙනන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබෙනවා. මෙහිදී පැමිණි නිලධාරීන් කියාසිටියේ මැනුවල් ක්‍රම හොදින් දියුණු කිරීමද රාජ්‍ය සේවයේ කාර්‍යක්ෂමතාව සඳහා ඉතා වැදගත් වන බවයි. මෙහිදී “Citizen Charter Concept” ක්‍රමයක් සකස් කිරීම වැදගත් වන බවද එම නිලධාරීන් ප්‍රකාශ කළා. එසේම ව්‍යාපාර කරගෙන යාම සම්බන්ධයෙන් ජනතාවගේ දැනුම අල්ප බවත් එම දැනුම වැඩි කළ යුතු බවයි මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ.

රටේ ව්‍යාපාර සක්‍රීය තත්ත්වයෙන් වැඩිදියුණු කිරීම සඳහා ඒකාබද්ධිතව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඉඩම් මැනීමේ හැකියාව පිළිබඳවද කාරක සභාවේ අවධානය යොමු වුණා. මෙහිදී සබරගමුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරු කණ්ඩායමක් විසින් සකස් කළ ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉඩම් මැනීම් සිදු කරන ක්‍රමය සහ බණ්ඩාරවෙල නගරසභා බල ප්‍රදේශය තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස එහි සාර්ථක බව පිළිබඳවද කමිටුවට පෙන්වා දෙනු ලැබුවා.

විශේෂයෙන්ම මෙහිදී කාරක සභාවේ සභාපතිවරයා කියාසිටියේ ව්‍යාපාර පහසු කිරීම වෙනුවෙන් ඉඩම් මැනුම් කටයුතු ඉක්මන් කරමින් “බිම් සවිය” ව්‍යාපෘතිය කඩිනම් කිරීම ඉතා වැදගත් බවයි. විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිපාදන හිඟකම, ජනතාවගේ අවිශ්වාසය මත සහයෝගයක් නොලැබීම ආදී හේතු මත ඉඩම් මැණුම් කටයුතු සිදු කිරීමට අපහසු තත්ත්වයක් ඇතිවී තිබෙන බවද භූ ගෝලීය තත්ත්වයන් නොසලකමින් ඉදිකිරීම් සිදු කර ඇති බවද මෙහිදී කමිටුව වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

මෙහිදී අවසාන වශයෙන් කාරක සභාවේ සභාපති මධුර විතානගේ මහතා පෙන්වා දුන්නේ සෑම අංශයක් සම්බන්ධයෙන්ම නිවැරදි තොරතුරු පහසුවෙන් ප්‍රවේශ විය හැකි පරිදි පවත්වාගෙන යාම වැදගත් වන බවත් නිවැරදි තොරතුරු නොමැති නම් ආයෝජකයන් මෙරටට නොපැමිණෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12