ඇලන් ඩොනල්ඩ් බංග්ලාදේශය හැරයාමේ තීරණයක !

එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු බංග්ලාදේශ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන ඇලන් ඩොනල්ඩ් එම තනතුරෙන් ඉල්ලා අස්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

ලෝක කුසලාන තරගාවලියෙන් පසු සිය තනතුරෙන් ඉවත්වන බවට කණ්ඩායම් රැස්වීමක් අතරතුර දී ඇලන් ඩොනල්ඩ් දන්වා සිටි බවයි බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලයේ උසස් නිලධාරියෙක් මාධ්‍ය වෙත පවසා සිටියේ.

පසුගිය වසරේ ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි විස්ස ලෝක කුසලානය දෙස අවධානය යොමුකරමින් ඩොනල්ඩ් බංග්ලාදේශ පිළේ වේග පන්දු පුහුණුකරු ලෙස පත්කරනු ලැබුවා.

කෙසේ වෙතත් ඔහුගේ කොන්ත්‍රාත්තුව දීර්ඝ කිරීමටයි පසුව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කළේ.

මේ අතර, මතභේදයට තුඩු දුන් ඇන්ජලෝ මැතිව්ස්ගේ ‘කාලය ඉක්මවා’ දැවී යාම සම්බන්ධයෙන් කණ්ඩායමේ නායක ෂකීබ් අල් හසන්ට එරෙහිව ප්‍රකාශයන් සිදුකිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ්ගෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටින බවයි පසුගිය 08 වනදා බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු සඳහන් කළේ පැහැදිලි කිරීමක් ඉල්ලුවහොත් එය ලබාදීමට තමන් පසුබට නොවන බවත්, එලෙස ලබාදෙන පැහැදිලි කිරීම මීට පෙර ප්‍රවෘත්තිවල ප්‍රචාරය වූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
18
+1
4
+1
26
+1
7
+1
7
+1
5
+1
12
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බොරු කියන එකේ සීමාවක් තියෙන්න ඕනි..හැමවෙලේම ඇඟේ ගාගන්නවා..අඟුරු අරගෙන අපි දත් මැද්දා..
02:50
Video thumbnail
පැලවත්තේ පක්ෂ කාර්යාලයේ දැඩි උණුසුම් තත්ත්වයක්..ඔබතුමා පක්ෂ කාඩර්වරයෙක්..ඒකනේ වෙව්ලන්නේ
14:47
Video thumbnail
සුජීව කුපිත වී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි.."චීන අසූචි නැව අනුර කාලද අසූචි කිව්වේ..ජනපති ටොම් පචයෙක්
13:04
Video thumbnail
"මේකා මචන් දරුණු පොරක්..තනියම ආවේ"ගම්වැදුණු වන අලි රක්ෂිතයට ගිය අයුරු
01:25
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
00:47
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය..
00:52
Video thumbnail
පුරාවිද්‍යා ප්‍රශ්නයක් නිසා උදෙන්ම රත්වුණ පාර්ලිමේන්තුව..සමහර කරුණු නොමඟ යවන සුළුයි
03:25
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21