අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩිදියුණු කරන්න ජාත්‍යන්තර සහාය අපේක්ෂාවෙන්

මෙරට තොරතුරු සහ සන්නිවේදනය ක්‍ෂේත්‍රයේ ප්‍රගමනය වෙනුවෙන් අධ්‍යාපන සම්පත් භාවිතා කිරීම සහ අධ්‍යාපනයේ ඩිජිටල් මෙවලම් වැඩි දියුණු කිරීම සඳහා තවදුරටත් ජාත්‍යන්තර සහයෝගීතාව අපේක්ෂා කරන බව ද අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

සාමාජික රටවලට යුනෙස්කෝ ක්ෂේත්‍ර කාර්යාලවල අත්‍යවශ්‍ය දායකත්වය පිළිගනිමින් ක්ෂේත්‍ර කාර්යාල ජාලය ශක්තිමත් කිරීමට රටක් වශයෙන් තමා යෝජනා කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

යුනෙස්කෝ විද්‍යා අංශය මගින් ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්වල STEAM අධ්‍යාපනය සඳහා මෙවලම් කට්ටල සැපයීමට පියවර ගැනීම ද කෘතවේදී ව අගය කරන බව සඳහන් කළ අමාත්‍යවරයා, දකුණු ආසියාවේ තිරසාර ජල සම්පත් කළමනාකරණය පිළිබඳ යුනෙස්කෝ හමුව මොරටුව විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීමට ලැබීම අභිමානයක් බව ද ප්‍රකාශ කළා.

එමෙන් ම ශ්‍රී ලංකාව තුළ පාසල් දරුවන්ට ආතතියෙන් තොර ඉගෙනුම් පරිසරයක් ඇති කිරීම, පරිවර්තනීය අධ්‍යාපනයක් වෙනුවෙන් දරුවන් යොමු කළ හැකි පරිදි ගුරුවරුන් බලගැන්වීම සහ ඩිජිටල් දියුණුව උත්තේජනය කිරීම කෙරෙහි අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සුවිශේෂ අවධානය යොමුකර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

පසුගිය වසර 74 ක කාලය තුළ යුනෙස්කෝව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට හැකිවීම පිළිබඳ සතුටට පත්වන අතර රජයේ ප්‍රමුඛ වැඩසටහන් 5ක් යුනෙස්කෝ සංවිධානයේ අරමුණු සමග එක්වෙමින් සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන බව ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වූ යුනෙස්කෝ සමුළුවේ 42 වැනි සැසිවාරය අමතමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අවධාරණය කළා.

මිනිසා සහ ජෛවගෝලයේ ආරක්ෂාව සම්බන්ධව යුනෙස්කෝ -ශ්‍රී ලංකා සබඳතාව පිළිබඳ අගය කරන බවත්, ශ්‍රී ලංකාවේ ජෛවගෝල රක්ෂිත ලෙස ස්ථාන 34ක් නම් කර ඇති බවත්, යුනෙස්කෝව ඉන් හතරක් සිය ලෝක ජාලයේ කොටසක් ලෙස පිළිගෙන ඇති බවත් එහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා, ලොව තෙත් බිම් සංරක්ෂණය වෙනුවෙන් පිහිටුවාගෙන ඇති රැම්සා සම්මුතියට අයත් අඩවි යටතට කොළඹ සහ ඒ අවට තෙත්බිම් ද අයත්ව ඇති බවයි පෙන්වා දුන්නේ.

දේශගුණික අභියෝගවලට මුහුණ දීම වෙනුවෙන් ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් යුතුව කටයුතු කරන බව ද, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ප්‍රකාශ කර ඇති බව ද එම විශ්වවිද්‍යාලය වෙනුවෙන් යටිතල පහසුකම් සඳහා අරමුදල් ද 2024 වසර තුළ වෙන් කර ඇති බව ද මෙම විශ්වවිද්‍යාලය පිහිටුවීමේ කටයුතු සඳහා යුනෙස්කෝ සහ අනෙකුත් ජාත්‍යන්තර පාර්ශවකරුවන්ගේ සහාය අපේක්ෂා කරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

දඹුල්ල ලෙන්විහාරයේ, ගඩලාදෙනියේ සහ දෙගල්දොරුව විහාරවල බිතුසිතුවම් සංරක්ෂණයට යුනෙස්කෝ සංස්කෘතික අංශය විසින් ලබාදුන් සහයෝගය පිළිබඳව ද, 2003 සහ 2005 වසරවල ලබාදුන් ධාරිතා සංවර්ධන වැඩසටහන් පිළිබඳව ද අමාත්‍යවරයා සමුළුව අමතමින් සිය කෘතවේදීත්වය පළ කර තිබෙනවා.

සමාජ සහ මානව විද්‍යා ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරකම් ලෙස ආසියානු කලාපීය අන්තර් සංස්කෘතික සංවාදය සක්‍රීය කිරීම සඳහා වූ යුනෙස්කෝ රාමුව සහ එහි ගෝලීය වාර්තාව ඉදිරිපත් කිරීම පසුගිය ජූනි මාසයේ දී කොළඹ දී පැවැත්වූ බව ද අමාත්‍යවරයා පෙන්වා දෙනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01
Video thumbnail
නාමල් රාජපක්ෂගේ මීටින්වලට එන ජන ගඟ දැකලා NPP එකේ කකුල් සට සට ගාලා වෙව්ලනවා..
00:10
Video thumbnail
බොරු පොරොන්දු ආකරයක් තුළින් රටම රවට්ටලා - රජයේ මන්ත්‍රීලා එකතුවෙලා ඉඩම් මංකොල්ල කනවා ?
03:53
Video thumbnail
වී කන්න ආ වන අලියා නිවසට ප#රදී කුඩු කරලා - වන අලි තර්ජනය උග්‍ර වෙයි - ජනතාව අසරණවෙයි
00:47
Video thumbnail
කොට්ටහච්චිට හිටපු ඇමති චන්දිමගෙන් සැර හින්ට් එකක්.."කොට්ටෝරුවා වගේ"
10:54
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08