ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පිවිසෙන මාර්ගය වසා දමා තිබෙනවා.
අද පෙරවරුවේ මෙම මාර්ගය තාවකාලික ව වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව කොළඹ විද්‍යා මාවත මෙලෙස වසා දමා තිබෙනවා.
මේ අතර, ‘දූෂිත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ඇතුළු නිලධාරී මණ්ඩලය ඉවත් කිරීම’ යන මැයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට්වල අනාගතය ගැන කෙරෙන විවාදය මේ වනවිට පාර්ලිමේන්තුවේ දී පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා.













