තැපැල් වර්ජනය මැදියම් රැයෙන් අවසන්

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිතිය විසින් අරඹන ලද වැඩ වර්ජනය අද මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් වනවා.

ඒකාබද්ධ වෘත්තීය සමිතිය සඳහන් කළේ; මෙය සංකේත වැඩ වර්ජනයක් බවත්, රජය අදාළ අයහපත් තීරණ හකුළා නොගන්නේ නම්; එය තවදුරටත් ඉදිරියේදී වර්ජිතව සිටීමට කටයුතු කරන බවයි.

පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට මෙම වැඩ වර්ජනය පැය 48ක කාලයක් පුරාවට පැවැතුණා.

මීට හේතුව වූයේ නුවරඑළිය තැපැල් කාර්‍යාලය විකිණීමට රජය ගෙන තීරණයට එරෙහිවයි.

නුවරඑළිය තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සහ මහනුවර තැපැල් කාර්යාලය පිහිටි ගොඩනැගිල්ල සංචාරක හෝටල් ආරම්භ කිරීමේ අරමුණිනුයි මෙලෙස රජය විසින් විකිණීමට සූදානම් ව ඇති බවට ඒකාබද්ධ වෘත්තීය සමිතිය චෝදනා කළේ.

නමුත් ඊයේ රාත්‍රියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබුවා.

තැපැල් වර්ජනය ආරම්භ වීමට පෙරාතුව තැපැල් දෙපාර්තමේන්තු නිවේදනය කළේ සියලු ම තැපැල් සේවකයින්ගේ නිවාඩු දින 03කට අවලංගු කර ඇති බවයි.

කෙසේවෙතත් සිය ගැටලුව සම්බන්ධයෙන් විසඳුම් ලබාදීමට බලධාරින් ඉදිරියේ දී කටයුතු නොකරන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩ ව සිදු කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ සම-කැඳවුම්කරු චින්තක බණ්ඩාර අවධාරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56