AFC Banner
Empty Ad
Empty Ad

මධ්‍යම සහ ඌව පළාත්වල දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩුවක්

දීපාවලී උත්සවය හේතුවෙන් මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට ලබන සඳුදා විශේෂ නිවාඩුවක් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ උප සභාපති නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදබණ්ඩි රමේෂ්වරන් මහතා මධ්‍යම පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ ලලිත් යූ ගමගේ මහතාගෙන් කළ ඉල්ලීමක් අනුවයි අදාළ නිවාඩුව ලබාදී ඇත්තේ.

ඒ අනුව මධ්‍යම පළාතේ දෙමළ පාසල්වල අධ්‍යාපන කටයුතු ලබන සෙනසුරාදා සිදු කරන අතර සඳුදා නිවාඩු දිනය ලබා දීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඌව පළාතේ දෙමළ මාධ්‍ය පාසල්වලට ද දීපවාලී උත්සවය හේතුවෙන් ලබන සඳුදා නිවාඩු ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

මෙවර දීපවාලි උත්වය ලබන ඉරිදාට යෙදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?