සද්‍රාන් එක්දින පිටියේ 05 වැනි ශතකය ඔස්ට්‍රේලියාවට එරෙහි ව ලබයි

Ibrahim Zadran ජාත්‍යන්තර එක්දින පිටියෙහි සිය 05 වැනි ශතකය ලබා ගැනීමට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

ඒ ප්‍රබල ඔස්ට්‍රේලියාවට එරෙහිව යි.

එක්දින ක්‍රිකට් ලෝක කුසලානය යටතේ පැවැත්වෙන ඇෆ්ගනිස්ථාන – ඔස්ට්‍රේලියා 39 වැනි තරගයේ දියි සද්‍රාන් මෙම දක්ෂතාව දැක්වූයේ.

තරගයේ කාසියේ වාසිය දිනූ හෂ්මතුල්ලා ෂහිඩි පළමු ව පන්දුවට පහරදීමේ අවස්ථාව තෝරාගත්තා.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ගන් ආරම්භක පිතිකරුවන් දෙපළ වූ ගුර්බාස් සහ සද්‍රාන් හට පළමු කඩුල්ලට ගොඩනැගීමට හැකි වූයේ ලකුණු 38ක සබඳතාවක් පමණයි.

ගුර්බාස් ලකුණු 21ක් අතැතිව සිටියදී හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා.

නමුත් ප්‍රවේසම්කාරී අයුරින් ලකුණු ලබා ගනිමින් ඊබ්‍රහීම් සද්‍රාන් සිය ශතකය පූර්ණ කරගත්තා.

ඊට වැය වූ පන්දු ගණන 131ක්.

මෙම හැඩකාර ශතකයට සද්‍රාන් දැවැන්ත හතරේ පහර 07ක් ද එල්ල කළා.

පන්දුවාර 43ක් ආරම්භයේ කඩුලු 04ක් දැවී ඇෆ්ගනුන් ලකුණු 216ක් ලබා සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56