ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීම ගැන ජනපති දැනුවත් නැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලියාපදිංචිය අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) සවස රැස්වෙන කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වනවා.

අමාත්‍යවරයා විසින් මෙලෙස ක්‍රිකට් අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ද දැනුවත්ව නොසිටි බවයි වාර්තා වන්නේ.

1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ 32 වගන්තිය යටතේ ක්‍රීඩා අමාත්‍යවරයාට පැවරී ඇති බලතල අනුව සාමාජිකයින් 07 දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් අතුරු කමිටුවක් අද (06) සිට බලාත්මකවන පරිදි අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබුවා.

හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංගගේ සභාපතිත්වයෙන් යුත් මෙම අතුරු කමිටුවේ අනෙකුත් සාමාජිකයින් වන්නේ, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු එස්.අයි. ඉමාම්, විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු රෝහිණී මාරසිංහ, විශ්‍රාමික මාහාධිකරණ විනිසුරු අයිරාංගනී පෙරේරා, උපාලි ධර්මදාස, නීතිඥ රඛිත රාජපක්ෂ, හිෂාම් ජමාල්ඩීන් යන අයයි.

  1. MINISTER HAS EMPOWERED BY THE 1972 SPORTS CONSTITUTION. IT CERTIFIED THE INDEPENDENTNESS OF MINISTER AND GAVE PROVISIONS TO APPOINT A COMMITEE WHEN NEED. SO ARJUNA DIDI NOT FULL SCALE OF TIME TO RECONSTRUCT CRICKET. HE S THE ONE AND ONLY CAPTAIN WON A WORLD CUP. SO HIS 1996 TEAM MEMBERS CAN TAKE PART OF HIS COMITEE. BETRAYING OF CRICKET IS AT DIPLOMATIC LEVEL OR HIGH LEVEL, SO THAT IS WHY BOSS BECAME UNHAPPY BECAUSE HE IS THE MAIN MAN DEALING WITH INDIAN ENVOYS. 2ND LEVEL IS SLC. THEY DEAL WITH INIDAN CRICKET BOARD DEALING TO GET MONETARY CLAIMS FOR SUCH BETRAYALS. 3RD LEVEL IS THE GHOST BOOKY SMATHI AND CLANG BEHIND THE SLC TEAM, DEALING WITH INDIAN BOOKY AND 11X BET ETC. SO ALL INVOLVE IN THIS GAIN A LOT. SO IT IS NOT A THING TO ASTONISH, MINISTER DEPRIVED THE GAINS EARNED BY THEM BY APPOINTING A INTERIM PANEL