ලෝක ශූර එංගලන්තයේ ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි

මෙවර එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් නිල වශයෙන්ම ඉවත් වීමට පසුගිය ලෝක කුසලානයේ ශූරයන් වූ එංගලන්ත කණ්ඩායමට සිදු වුණා.

ඒ ඔවුන් ඊයේ ඔස්ට්‍රේලියාව සමග පැවති තරගය පරාජයට පත්වීමත් සමගයි.

මෙවර තරගාවලියේ එංගලන්ත කණ්ඩායම ලැබූ 6 වන පරාජය ලෙසටයි ඊයේ තරග පරාජය සැලකෙන්නේ.

ඊයේ අහමදාබාද්හි පැවති තරගයෙන් ඔස්ට්‍රේලියාව ලකුණු 33ක ජයක් හිමිවුණා. මේ අනුව එංගලන්ත කණ්ඩායමට මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සහභාගී වීමේ අවස්ථාවක් හිමිවන්නේ නැහැ.

අහමදාබාද්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්තයේ ආරාධනය මත පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම පන්දුවාර 49යි පන්දු 3ක් අවසානයේ සියලුදෙනා දැවී ලකුණු 286ක් රැස් කළා.

Cameron Green ලකුණු 47ක් සහ Steven Smith ලකුණු 44ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී Chris Woakes කඩුලු 4ක් බිඳහෙලුවා. Mark Wood සහ Adil Rashid කඩුලු දෙක බැගින් ලබා ගත්තා.

ඒ අනුව තරගය ජය ගැනීමට එංගලන්තයට හිමි වූ ඉලක්කය ලකුණු 287ක්.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තයට පන්දුවාර 48යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී ලබා ගැන’ීමට හැකිවූයේ ලකුණු 253ක් පමණයි.

මොයින් අලි 42යි. බෙන් ස්ටොක්ස් ලකුණු 64ක් සහ ඩේවිඩ් මාලන් ලකුණු 50ක් රැස් කළා. පන්දු යැවීමේදී ඇඩම් සම්පා කඩුලු 3ක් දවා ගත්තා. මිචෙල් ස්ටක් ජොෂ් හසල්වුඩ් සහ පැට් කමින්ස් අතර කඩුලු 2 බැගින් බෙදී ගියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
2
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43