ඉන්දීය මුදල් අමාත්‍යවරිය නැගෙනහිර පළාතේ සංචාරයක (ඡායාරූප)

දිවයිනට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් ඊයේ (01) නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වුණා.

ඒ, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සහ ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්තිල් තොණ්ඩමාන්ගේ ආරාධනයකට අනුවයි.

එහිදී ඉන්දීය මුදල් අමාත්‍යවරිය ත්‍රිකුණාමලය තිරුකෝනේෂ්වරම් කෝවිලේ පූජාවන් සඳහා ද එක්ව තිබෙනවා.

මේ අතර ඊයේ දහවල් මහනුවර ගිය ඇය මල්වතු අස්ගිරි මහා නාහිමිවරු බැහැදැක ආශිර්වාද ද ලබා ගත්තා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ ද නිර්මලා සීතාරාමන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්‍යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ද අද (02) දිනයේ සිදුකිරීමට නියමිතයි.

තෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය මුදල් අමාත්‍යවරිය ඊයේ (01) දිනයේ දිවයිනට පැමිණියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49