2034 පිරිමි පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය සෞදියට ?

2034 වර්ෂයේ පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා ගැනීමට සෞදි අරාබිය සැරසෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ; ඔස්ට්‍රෙලියාව ද සත්කාරකත්වය ලබා ගැනීමේ ලංසුව සඳහා ඉදිරිපත් ව තිබුණ ද, මේ වනවිට ඔවුන්ගේ ඒ සම්බන්ධයෙන් ඇති උනන්දුව අවසන් වී ඇති බවයි.

ඒ සඳහා අවශ්‍ය වන ගෝලීය ප්‍රදර්ශන භාණ්ඩ පැවැත්වීමේ වැඩසටහනට ද ඔස්ට්‍රෙලියාව පැය කිහිපයකට පසුව ඉවත් වූ බවත් වාර්තා වනවා.

ඔස්ට්‍රේලියාව සිය තීරණ හකුළා ගැනීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ FIFA පිරිමි ලෝක කුසලානය පැවැත්වීම සඳහා තබන ලංසු අවස්ථා ඕනෑ තරම් දැක ඇති බවත්; පවතින කරුණු සැලකිල්ලට ගනිමින් මෙවර ලංසුවෙන් ඉවත් වීමට තීරණයක් ගත් බවයි.

මෙම පිරිමි පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය ඉවත දමමින් ඔස්ට්‍රේලියාව පාපන්දු සම්මේලනය 2026 දී පවත්වන කාන්තා ආසියානු කුසලානයට සහ 2029 දී පැවැත්වෙන ෆිෆා ක්ලබ් ලෝක කුසලානය සඳහා ලංසු තැබීමට සූදානමින් සිටිනවා.

මෙවන් පසුබිමක් මතයි සෞදි අරාබිය සිය සත්කාරකත්වය ලබාදීමට එක් වූ එකම ලංසුකරු බවට පත් ව ඇත්තේ.

කෙසේවෙතත් FIFA පැවසුවේ තවමත් 2030 සහ 2034 තරගාවලි සඳහා ලංසු තැබීමේ ක්‍රියාවලිය අවසන් නොමැති හෙයින්; අවසන් තීරණයක් පසුවට දැනුම්දෙනු ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇඹිලිපිටියේ ඇඟලුම් කම්හලක හදිසියේම ඇතිවූ මහ ගින්න - ප්‍රදේශයම කළු දුමෙන් වැසී ගිහින්
01:32
Video thumbnail
හිටපු ආණ්ඩුකාරවරු ආණ්ඩුවෙන් ඉල්ලපු දේ - කවුරු දිණුවත් ප්‍රශ්නයක් නෑ..පළාත් සභා මැතිවරණය තියන්න
12:12
Video thumbnail
හැමදේම හොරකම් කරන කාලයේ බිම වැටිලා තිබ්බ සල්ලි අයිතිකාරයටම දුන්න උතුම් ක්‍රියාව.."ළමයිට බොහොම පින්."
04:06
Video thumbnail
වචන දෙනකොට හරියට දෙන්න ඕනි..නැත්තම් ගමට එන්න වෙන්නේ නැ - ණය අරගෙන ලොකු ලොකු දෙවල් කරලා
07:41
Video thumbnail
චමරි අතපත්තු සංවේදී වී කිව්ව දේ - ශෂිණි අවාසනාවකට ආබාධයකට ලක්වුණා - එයාට තරඟ කරන්න බෑ
08:23
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13