සේවක අර්ථසාධක අරමුදල් වාර්තා නැතිවීම ගැන කෝප් කමිටුවේ අවධානය

ණය පද්ධතියෙන් මකා දැමීම හේතුවෙන් සේවක අර්ථ සාධක අරමුදල් වාර්තා නැතිවීම පිළිබඳ අවධානය
පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් පසුගියදා රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවට (කෝප් කමිටුව) ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව (HDFC) කැඳවා
තිබුණා.

එහිදී 2020 සහ 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තා හා වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීම සිදු වූ බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ ව්‍යාපාරික ආකෘතිය සම්බන්ධයෙන් කමිටුව ප්‍රශ්න කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පැහැදිලිතාවක් නොමැති බව කෝප් කමිටුවේ දී අනාවරණය වූ අතර බැංකුවේ වැඩි කොටස් ප්‍රමාණයක් රාජ්‍ය පාර්ශ්වය සතුව තිබියදීත් බැංකුව සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් ද පැහැදිලිතාවක් නොපවතින බව මෙහිදී කමිටුව පෙන්වා දුන්නා.

මාස 6ක් ඇතුළත මෙම සංකීර්ණතාව විසඳීමට කටයුතු කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබා දුන්නා.

විදුලිබල මණ්ඩලයේ ස්ථාවර තැන්පතුවක් සඳහා වැඩි පොලී අනුපාතයක් ලබාදීම හේතුවෙන් බැංකුවට වූ පාඩුව පිළිබඳ කමිටුවේ අවධානය ද මෙහිදී යොමු වූ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය නිවේදනය කරන්නේ.

2014 නොවැම්බර් 04 දින පැවති කෝප් සභාවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබූ අතර සාමාන්‍ය පොලී අනුපාතය ඉක්මවා සිදු වූ මෙම ගෙවීම මගින් බැංකුවට සිදු වී තිබූ පාඩුව රුපියල් මිලියන 69ක්.

මෙහිදී තැරැව්කාර සමාගමක් තුන්වෙනි පාර්ශ්වයක් ලෙස සම්බන්ධවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා වූ අතර මෙම තැරැව්කරු බැංකුව පාර්ශ්වයෙන් පැමිණි පුද්ගලයෙක් බව මෙහිදී අනාවරණය වූ බවයි වාර්තා වන්නේ.

එසේම මේ සම්බන්ධයෙන් මැදිහත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් අවවාදාත්මක ලිපියක් පමණක් නිකුත්කර තිබීම පිළිබඳ මෙහිදී කමිටුව පෙන්වාදීම සිදු කෙරුණා.

මේ අනුව මුදල් අමාත්‍යාංශයට මේ සම්බන්ධයෙන් මාසයක් ඇතුළත විශේෂ පරීක්ෂණයක් සිදු කොට මේ සඳහා මැදිහත් වූ තැරැව්කරු සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කෝප් කමිටුව නිර්දේශ කර තිබෙනවා.

  1. ALI BABA MARU UNATA HORU 225 MARU UNE NAHE, UNGE LOKU HORU PODI HORU SET EKA EHE MEHE UNATA EKE AYIN KALEYI NAHE. MEHEMA HORU RELAKATA RATA DUNNA PALAMU SAHA AWASANA AWASTHAWA. AYE GANILI BORU, BALENMA SEBE MAHAJANA ARAGALAYAKIN PANNALA DANNA WEYI. ETHEK HORA KANA EKA NAWATHTHANAWA BORU.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56