බස් රථයක් මතට ගසක් කඩා වැටී අනතුරක් (ඡායාරූප)

කොළඹ – අවිස්ස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ කොස්ගම, මිරිස්වත්ත ප්‍රදේශයේ දී බස් රථයක් මතට විශාල ගසක් කඩා වැටීමෙන් ඊයේ (30) රාත්‍රියේ අනතුරක් සිදුව තිබුණා.

කොළඹ දෙස සිට අවිස්සාවේල්ල දෙසට මගින් ප්‍රවාහනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක් මතට මෙලෙස ගස් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.

මෙහිදී බස් රථයේ ගමන් ගත් කාන්තාවක් තුවාල ලබා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, තවත් පුද්ගලයෙක් සාලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
7
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?