Nine Arch වෙත පිවිසෙන මාර්ගයක් අබලන්

බදුල්ල දිස්‍ත්‍රික්කයට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් නැරඹීමට යන ස්ථානයක් ලෙස දෙමෝදර Nine Arch පාලම හඳුන්වාදිය හැකි වනවා.

නමුත් මේ වනවිට බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයෙන් මදුරගම ගම්මානය හරහා ආරුක්කු නවය වෙත පිවිසෙන මාර්ගයේ බදුලු ඔය හරහා ඇති පාලම වසර ගණනාවක් තිස්සේ අබලන් තත්ත්වයේ පවතින බවටයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ.

පාලමේ එක් ස්ථානයක් ගිලා බැස ඇති අතර එම තත්ත්වය නොදන්නා පුද්ගලයින් තමන්ගේ වාහන ඒ තුළට ගෙන අනතුරු සිදුකරගත් අවස්ථා ද ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

විශාල වතුර වළක් සහිත එම ස්ථානයෙන් වාහනයකින් කෙසේවෙතත් අඩුම තරමේ පයින් හෝ ගමන් කළ නොහැකි බවයි ඔවුන් කියා සිටින්නේ.

දෙස් – විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ඇති ස්ථානයක් වන ආරුක්කු නවයේ පාලම නැරඹීමට යාමට ඇති මෙම මාර්ගයේ පාලම් කොටස කඩිනමින් සංවර්ධනය කරදෙන ලෙසට වගකිව යුතු බලධාරින්ගෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?