Nine Arch වෙත පිවිසෙන මාර්ගයක් අබලන්

බදුල්ල දිස්‍ත්‍රික්කයට පැමිණෙන සංචාරකයින් බොහෝ පිරිසක් නැරඹීමට යන ස්ථානයක් ලෙස දෙමෝදර Nine Arch පාලම හඳුන්වාදිය හැකි වනවා.

නමුත් මේ වනවිට බදුල්ල – බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පේ ප්‍රදේශයෙන් මදුරගම ගම්මානය හරහා ආරුක්කු නවය වෙත පිවිසෙන මාර්ගයේ බදුලු ඔය හරහා ඇති පාලම වසර ගණනාවක් තිස්සේ අබලන් තත්ත්වයේ පවතින බවටයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ.

පාලමේ එක් ස්ථානයක් ගිලා බැස ඇති අතර එම තත්ත්වය නොදන්නා පුද්ගලයින් තමන්ගේ වාහන ඒ තුළට ගෙන අනතුරු සිදුකරගත් අවස්ථා ද ඇති බවත් ප්‍රදේශවාසීන් සඳහන් කරනවා.

විශාල වතුර වළක් සහිත එම ස්ථානයෙන් වාහනයකින් කෙසේවෙතත් අඩුම තරමේ පයින් හෝ ගමන් කළ නොහැකි බවයි ඔවුන් කියා සිටින්නේ.

දෙස් – විදෙස් සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් ඇති ස්ථානයක් වන ආරුක්කු නවයේ පාලම නැරඹීමට යාමට ඇති මෙම මාර්ගයේ පාලම් කොටස කඩිනමින් සංවර්ධනය කරදෙන ලෙසට වගකිව යුතු බලධාරින්ගෙන් ප්‍රදේශවාසීන් ඉල්ලා සිටිනවා.

  1. BANDARAWELA CENTRAL COLLEGE EKA ATHULEN HO AYINAKIN EKE PITUPASA PAHALATA BASSAMA HAMU WENNE KINIGAMA BINGEYA. ETHANIN WAMATA HARILA LESSTHAN 1KM YANAKOTA HAMUWENNE 99ARCH BRIDGE EKA. EKEN DAKUNU PATHTHEN THIYENA LISSANASULU ADIYAKATA WADA PALALIN ADU SEEGRA BAWUMAK SAHITHA ADI PARA DIGE GIYAMA ENNE BRIDGE EKA YATIN GALAGENA YANA ICE COOL DOLA PARATA. EKEN BEHELA WATHUREMA DAKUNATA GIYAMA GALKUAKIN WATENA ADI -6 USA PODI DILA ELLAK THIYENAWA. EYI GALATA PITA DEELA ELLATA OLUWA ALLAGENA KELINMA BALUWAMA ADI 0-60 UDIN PENNE 9ARCH BRIDGE EKA. EHEMA NALA AYE EYI PAREN RAIL PARATA AWITH DAKUNATA HARILA TIKA DURAK GIYAMA KINIGAMA STATION EKA. MAMA GIYE 1988 MARTHU YOUWUN PURAYATA. EKA NYSC THIYAPU ANTHIMA YOWUN PURAYA. CAMP KALEYI BANDARAWELA CENTRAL COLLEGE EKE. PUDUMA ATHAL EKAK GATHTHA.