ජනතාවගේ කරපිටට තවත් බද්දක්

2025 වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දේපළ බද්දක් හඳුන්වා දීම සඳහා අවධානය යොමුව ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

IMF එකඟතාවල ද මෙම දේපළ බද්ද සම්බන්ධයෙන් යෝජනා වී ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

මෙම බදු ක්‍රමයට ජනතාවගේ වාහන හෝ නිවාස වැනි සාමාන්‍ය දේපළ අයිති නොවන අතර ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වයන් අනුව ඉන් එහා ගිය විශාල දේපළක් ඇති පුද්ගලයන්ගෙන් අය කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළා.

මෙය ක්ෂණිකව ක්‍රියාත්මක කළ හැකි බදු ක්‍රමයක් නොව ගැඹුරින් අධ්‍යයනය කර සිදු කළ යුතු කටයුත්තක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

මෙමගින් පළාත් පාලන ආයතනවල ආදායම ඉහළ යාම ද සිදුවන අතර එමගින් ප්‍රදේශයේ යටිතල පහසුකම් වෙනුවෙන් යෙදවීමට හැකිවන බව ද ඔහු කියාසිටියා.

පළාත් පාලන ආයතනවල ආදායම ඉහළ යාම මගින් ප්‍රදේශයේ දියුණුවට පහසුකම් සැලසෙන බැවින් මෙය ඉතා ප්‍රගතිශීලී බද්දක් බව රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරනවා.

මෙය ඉතා ප්‍රගතශීලී බදු ක්‍රමයක් මෙන්ම ගෙවිය හැකි පුද්ගලයින්ගෙන් පමණක් ලබා ගන්නා බද්දක් බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
3
+1
9
+1
2
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සනත්ගෙයි ජෙරම්ගෙයි තනතුරේ ආරවුල ඈෂ්ලිද සිල්වා ලිහයි.."මේ නම දාලා තියෙන්නේ..බලන්න"
02:31
Video thumbnail
තිස්සකුට්ටි ජනපතිගේ වීඩියෝවක් ලීක් කරයි..කට ඇරියොත් බොරු කියන්නේ..සත පහක වගකීමක් නෑ
01:27
Video thumbnail
ආණ්ඩුව මහ දවල් මුදල් අමාත්‍යංශය මංකොල්ල කාලා - නාමල් හොඳම එකෙන් දෙසයි
02:36
Video thumbnail
රත්නපුර පොළ සංකීර්ණයේ හදිසියේම හටගත් ගින්න..කඩ සේරම මුළුමනින්ම ගිනිබත්වෙලා
03:07
Video thumbnail
ඩොලර් මිලියන 2.5ක හොරකම ගැන කරුණු රැසක් එළියට..ජනපති මුදල් ඇමතිකමින් ඉවත් වෙන්න
04:39
Video thumbnail
වැල්ලවායේ දී යතුරුපැදියක් ලොරි රථයක ගැටී සිදුවූ බිහිසුණු අනතුර..
01:09
Video thumbnail
අපි විපක්ෂය හාන්සි කරලා තියෙන්නේ..අවුරුද්දට ලයිට් කැපුවද? තෙල් පෝළිම් තිබ්බද ?
05:32
Video thumbnail
මහ සෙනඟ මැදින් හාමුදුරුවන්වහන්සේලා වඩින අපූරුව
01:32
Video thumbnail
ආලෝකට ලැබෙන ගෞරවය?..සාම පාගමන මාතලේ අළුවිහාරයේ සිට ශ්‍රී දළඳා මාළිගාව දක්වා ගමන් ඇරඹූ අයුරු..
03:11
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
06:53